තෙත් කලාපීය  වර්ෂා වනාන්තර  සුරක්ෂිත කරන  Cinnamon වැසි වනාන්තර  ප‍්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය

442

සිංහරාජ වනාන්තරයට යාබදව රත්නපුර දිස්ත‍්‍රික්කයේ සුදුවැල්පොල ප‍්‍රදේශයේ වන හායනයට පත් වූ අක්කර 50 ක වන බද ඉඩමක් යළිත් වනාන්තරයක් බවට නගා සිටුවීම සඳහා රුක් රැකගන්නෝ, ශ‍්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ජෝන් කීල්ස් පදනම සමඟ එක්ව නවතම තිරසාර වැඩසටහනක් ලෙස ”Cinnamon වැසි වනාන්තර ප‍්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය” (Cinnamon Rainforest Restoration Project) ඉකුත්දා කොළඹදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රජයේ භූමියක් වන මෙම ඉඩම වැසි වනාන්තරයක් ලෙස නැවත සකස් කර වසර තුනක කාලයකට පසුව ස්වභාවධර්මය විසින්ම තනිව ගොඩනැගෙන පරිදි මෙම ව්‍යාපෘතියේ පුනර්ජනන ක‍්‍රියාවලිය සකසා තිබීම විශේෂත්වයයි. මේ සඳහා Cinnamon Hotels & Resorts විසින් මූල්‍ය සහාය දක්වනු ලබයි.

තෙත් කලාපීය  වර්ෂා වනාන්තර  සුරක්ෂිත කරන  Cinnamon වැසි වනාන්තර  ප‍්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය

ස්වාභාවික වනාන්තර වැඩි වැඩියෙන් ඇති කිරීමෙන් දේශගුණික විපර්යාස සහ එමගින් ඇතිකරනු ලබන ස්වාභාවික ආපදා සඳහා ගෝලීය විසඳුමක් ලබාදෙන අතර, මෙම ව්‍යාපෘතිය මගින් ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය වඩාත් හොඳින් නගා සිටුවීම එමගින් සනිටුහන් කරන බව රුක් රැුකගන්නෝ සංවිධානය සහ ජෝන් කීල්ස් ආයතනය හා Cinnamon Hotels & Resorts සමූහය පවසයි.

 පසුගියදා කොළඹදී පැවති මෙම ව්‍යාපෘතිය දියත්කිරීමේ උත්සවයේදී මේ බව අවධාරණය කෙරිණි.

 රුක් රැකගන්නෝ ආයතනයේ සභාපතිනි දුෂි පෙරේරා මහතා මෙහිදී ප‍්‍රකාශ කළේ, ” ‘රුක් රක්ස්’ (වෘක්ෂලතා ආරක්ෂකයන්) ලෙසින් ජනප‍්‍රියව හඳුන්වනු ලබන මෙම සහයෝගීතාවයේ අවසාන ඉලක්කය වන්නේ සිංහරාජ වැසි වනාන්තරයේ ස්වාරක්ෂක කලාපයේ පිහිටි ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ හායනයට ලක් වූ අක්කර 50 ක භූමි ප‍්‍රමාණයක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම බවයි. මේ සඳහා මුලපිරීම සඳහා අරමුදල් සැපයීම සහ මෙම නවාකාරයේ ව්‍යාපෘතිය සඳහා අප සමඟ හවුල් වීම පිළිබඳව අපි න්‍දයබ ණැැකකි පදනමට ස්තූතිවන්ත වන්නෙමු” යයි ඔහු මෙහිදී පැවසීය.

 මෙම අක්කර 50 ක භූමි ප‍්‍රමාණය රත්නපුර දිස්ත‍්‍රික්කයේ, ජෛව විවිධත්ව වැඩි වශයෙන් පවතින සහ යුනෙස්කෝ ලෝක උරුම අඩවියට කිලෝමීටර් 3.5 ක් ආසන්නයේ පිහිටා ඇති අතර, රටෙහි ඉතිරිව ඇති නොඉඳුල් වනාන්තර කිහිපයෙන් එකක් වන සිංහරාජ වන රක්ෂිතය සමීපයේ ම පිහිටයි. මෙම අක්කර 50 ක භූමි ප‍්‍රදේශය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සහ එහි නැවත වන වගා කිරීම මඟින් දිය ඇලි රැුසකින් සහ සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථානවලින් ද සමන්විත කලාපයේ පාරිසරික වැදගත්කම තවදුරටත් සංරක්ෂණය හා පොහොසත් කරනු ඇත.

 ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ එක්ව කටයුතු කරන සංස්ථානික ආයතන සඳහා ”Cinnamon වැසි වනාන්තර ප‍්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය” මෙමගින් කාලෝචිත ආදර්ශයක් සපයන බව මෙම අවස්ථාවට එක්වූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වන සංරක්ෂක නිශාන්ත එදිරිසිංහ මහතා සඳහන් කළේය.

 පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් Cinnamon Nature Trails හි ප‍්‍රධානී චිත‍්‍රාල් ජයතිලක මහතා පැවසුවේ, සුදුවැල්පොළ Cinnamon Nature Trails ව්‍යාපෘති භූමිය සඳහා පරිසරලෝලී විදෙස් සංචාරක පිරිස් සාදරයෙන් පිළිගැනීමෙන්, හා ඔවුන්ව Cinnamon ආයතනය හා සම්බන්ධ කර ගැනීමෙන් සිංහරාජය ඇතුළු ශ‍්‍රී ලංකාවේ පහතරට තෙත් කලාපීය වැසි වනාන්තර සංරක්ෂණයට කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ බවයි. ප‍්‍රදේශයේ ආවේණික වෘක්ෂලතා සහ සත්ත්ව විශේෂ සංරක්ෂණය කරන වනාන්තර බිමක් සඳහා ප‍්‍රවේශයක් සකස් කරන්නට ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කරන අතරම රට පුරා තවත් එවැනි නැවත වන වගා ව්‍යාපෘති සඳහා ද මේ මගින් මග පාදන බව ජයතිලක මහතා පැවසීය.”

 මෙම ව්‍යාපෘතිය සඳහා Cinnamon Nature Trailsහි සේවක පිරිස් මගින් ස්වේච්ඡුා සේවය දිරිමත් කිරීමෙන් ආක‍්‍රමණශීලී පැළ ඉවත් කිරීම සහ නව වන පැළ සිටුවීමට පස සකස් කිරීම ද සිදු කෙරේ. වන රෝපණ ප‍්‍රතිෂ්ඨාපනය පදනම් වී ඇත්තේ දේශීය හා ආවේණික ශාක මගින් වන අතර, මෙහිදී ආක‍්‍රමණශීලී විශේෂ බැහැර කෙරේ.

 ව්‍යාපෘතියේ නියැලීමේ අංගයක් ලෙස, Cinnamon ආයතනය වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්, එම ස්ථානයේ සිටින පුහුණු ස්වභාව විද්‍යාඥයකු විසින් කැටුව යවනු ලබන අතර, ඔවුන්ට පරිසරය හා එහි යථා තත්ත්වය කියා දී ව්‍යාපෘතියේ අරමුණු පැහැදිලි කර දෙනු ඇත. ගසක් සිටුවීමට කැමති අමුත්තන්ට ඒ සඳහා අවස්ථාව ලබාදෙන අතර එක් එක් පැළයේ පිරිවැය අමුත්තා විසින් ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාගයක් ලෙස දරනු ලැබේ. කෙටි ගමනකින් පසු, අමුත්තන් බෑවුම් සහිත කඳු මුදුනට ගෙන යනු ලබන අතර එමඟින් ව්‍යාපෘතිය අත්පත් කරගත් ප‍්‍රගතිය පිළිබඳ අවබෝධයක් ලබා දෙනු ඇත.

 ව්‍යාපෘති ප‍්‍රධානී සහ කණ්ඩායම් ජීව විද්‍යාඥ විමුක්ති වීරතුංග මහතා පැවසුවේ, ”සංචාර සීමා ලිහිල් කිරීම සහ ජාත්‍යන්තර සංචාරක කර්මාන්තය ක‍්‍රමයෙන් ඉහළ යාමත් සමඟ ශ‍්‍රී ලංකාවට දැනටමත් සංචාරකයින්ගේ පැමිණීමක් දැකිය හැකි බව හා මෙම ව්‍යාපෘතිය සිය දෑස් වලින්ම දැක බලා ගැනීමට උනන්දුවක් දක්වන සංචාරකයින් මෙම ස්ථානයට ගෙන ඒම මගින් ව්‍යාපෘතිය සාර්ථක කරගත හැකි බවයි. ශ‍්‍රී ලංකාවේ ජෛව විවිධත්වය අධිකම ප‍්‍රදේශය තෙත් කලාපීය වර්ෂා වනාන්තර කලාපය බවත් මෙම වනාන්තර කලාපය ආරක්ෂා නොකර රටේ පරිසරය හා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම ගැන කතා කිරීමෙන් පලක් නොවන බවද කී ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ මේ වෑයම ඒ සඳහා බවයි. මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා කැපවී සිටින සුදුසුකම් ලත්, උද්‍යෝගිමත් ජීව විද්‍යාඥයින් කණ්ඩායමකට නායකත්වය දීමට ලැබීම ගැන තමා සතුටු වන බවද ඔහු පැවසීය.

 Cinnamon වැසි වනාන්තර ප‍්‍රතිෂ්ඨාපන ව්‍යාපෘතිය, රුක් රැුකගන්නෝ හිටපු සභාපතිනි දිවංගත කමනි මීදෙණිය විතාරණ මහත්මිය සිහිකරමින් ශ‍්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ Cinnamon Hotels & Resorts සමඟ එක්ව රුක් රැකගන්නෝ විසින් ක‍්‍රියාත්මක කරන ලද මුලපිරීමකි. ජෝන් කීල්ස් පදනම විසින් මෙම ව්‍යාපෘතියට අනුග‍්‍රහය දක්වන අතර අනාගත පරපුර සඳහා ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට අභයභූමියක් නිර්මාණය කිරීම සඳහා 2024 මාර්තු වන විට ශ‍්‍රී ලංකාවේ තෙත් කලාපයේ හායනයට ලක් වූ අක්කර 50 ක භූමි ප‍්‍රමාණයක් ප‍්‍රතිෂ්ඨාපනය කිරීම අරමුණු කරගෙන ඇත.

 මෙම අක්කර 50 ක භූමි ප‍්‍රදේශය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සහ එහි නැවත වන වගා කිරීම මඟින් දිය ඇලි රැසකින් සහ සංස්කෘතික හා ආගමික වැදගත්කමක් ඇති ස්ථානවලින් ද සමන්විත කලාපයේ පාරිසරික වැදගත්කම තවදුරටත් සංරක්ෂණය හා පොහොසත් කරනු ඇත.

ජගත් කණහැරආරච්චි
 ඡායාරූප – තුෂාර අතපත්තු
 

advertistmentadvertistment
advertistmentadvertistment