තෙනුක නොගත්තේ එක කඩුල්ලයි

292

වයස අවුරුදු 19 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේදී ඉනිමක කඩුලු 9 ක් දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ දක්ෂතම පන්දු යැවීම වාර්තා කිරීමට මහනුවර කලාප 1 කණ්ඩායමේ තෙනුක ඒකනායක සමත් වූවේය.

මඩකපුව දිස්ත්‍රික් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී තෙනුක ලකුණු 10 ක් ඇතුළත කඩුලු 9 ක් දවා ගනිමින් මෙම දක්ෂතාවය දැක්වූවේය. දකුණතින් මඳ වේග පන්දු යවන තෙනුක එම තරගයේ පන්දුවාර 6.4 ක් යවමින් නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් ලකුණු 10 කට කඩුලු 9 ක් දවා ගත්තේය.

මහනුවර කලාප 1 කණ්ඩායමට ලකුණු 281 ක ජයක්

මහනුවර කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 5 ට ලකුණු 335 යි – (සුපුන් වඩුගේ 123, (143) 4×8 6×2), කුසල් විජේතුංග 18, රහල් අමරසිංහ 38, දිනූෂා පීරිස් 36, විබවිත් ඇහැලේපොල 19, ජයාවි ලියනගම 18, ලක්වින් අබේසිංහ 60, එෆ්. එම්. ෆතා 60/2)

මඩකලපුව පන්දුවාර 15.4 කදි සියලු දෙනා දැවී ලකුණු 54 යි – (එෆ්. එම්. අෆ්නික් 26, තෙනුක ඒකනායක 10/9)

කොළඹ උතුර කලාප 1 ට කඩුලු 2 ක ජයක්

ගම්පහ කලාප 1 පන්දුවාර 50 කදී කඩුලු 9 ට ලකුණු 218 යි – (නෙත්මල් ද සොයිසා 29, කේෂව කුලරත්න 70, උවිඳු පෙරේරා 30, අමිත සංදීප 37, ශාරිත් සුදීන 12, ගගන් චමෝද් 21/3, සජිත විතානගේ 38/2, උවින් පෙරේරා 43/2, මුදිත දිසානායක 22/2)

කොළඹ උතුර කලාප 1 පන්දුවාර 49 කදී කඩුලු 8 ට ලකුණු 222 යි – (රුසිරු විලෝචන 39, අශාන් ඉසිර 17, අවින්ත ද අල්විස් 50, ලිනාල් සුබසිංහ 15, එරංග ජයකොඩිගේ 15, මුදිත දිසානායක 48, සජිත විතානගේ 13, පැතුම් විහඟ 57/3)

ගම්පහ කලාප 2 කණ්ඩායමට කඩුලු 3 ක ජයක්

කොළඹ උතුරු කලාප 3 පන්දුවාර 37.4 කදී සියලු දෙනා දැවී ලකුණු 167 යි – (තනුජ රාජපක්ෂ 44, යෙශිත් කලුපහන 15, රශ්මික හිරූෂාන් 49, ඔමේෂ් උදාර 33, තරූෂ කොඩිකාර 38/4, පූර්ණ කල්හාර 28/2)

ගම්පහ කලාප 3 කණ්ඩායම පන්දුවාර 43.1 කදී කඩුලු 7 කට ලකුණු 171 යි – (පූර්ණ කල්හාර 11, මොහොමඩ් මුසාඩ් 20, හෙලංක විදුරංග 32, සනිර වික්‍රමසිංහ 33, දෙනුර දෙමන්සිත් 29, රශ්මික හිරූෂාන් 23/3)

advertistmentadvertistment
advertistmentadvertistment