තෙල්වල ප්‍රමිතිය හමුවේ දුම් සහතිකය අවුල් ජාලාවක්  

183

ඇතිවී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධනහල් මගින් ලබාදෙන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳව සැලකිය යුතු ගැටලු පවතින බැවින් වාහනවලට අනිවාර්ය කර ඇති දුම් සහතික ලබාගැනීම ද අභියෝගයට ලක්කළ හැකි බව පරිසර අමාත්‍යංශයේ වායු දූෂණ පාලන අංශයේ නිලධාරියකු සඳහන් කළේය. එසේ හෙයින් ප්‍රමිතිගත ඉන්ධන පිළිබඳව රජය සහතික වන තෙක් සියලු රථ වාහන සඳහා දුම් සහතිකය ලබාගැනීම තාවකාලිකව නවතා දැමීමට රජය තීරණයක් ගැනීම අතිශය සාධාරණ කටයුත්තක් බවද එම නිලධාරියා සඳහන් කළේය. ‘දිවයින’ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඕනෑම පුරවැසියකුට එම සාධාරණත්වය සඳහා අභියෝගය කළ හැකි බවයි. දුම් සහතිකය මගින් වායු දූෂණ පාලන නීති ඇතිකර ඇත්තේ තනිකරම ඉන්ධනවල ප්‍රමිතියට සමානුපාතිකව බව පවසන මෙකී ආරංචි මාර්ග වැඩි දුරටත් කියා සිටියේ පෙට්‍රල් ඔක්ටේන් 92 හා 95 ලෙස හා ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් ලෙස වර්ග කර ඇත්තේ මෙසේ වායු දූෂණය පාලනය කිරීම සඳහා බවයි.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment