තෙල් ඇප් එක ලොප් වෙයි

943


ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය නමින් නව ඉන්ධන බෙදාහැරීමේ
ක්‍රමයක් රජය මගින් හඳුන්වාදීම මගින් පැවති අක්‍රමවත් ඉන්ධන බෙදාහැරීම තවදුරටත් ව්‍යාකූල වී ඇති බව වාර්තාවේ.
මේ මගින් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ ලැබෙන කිව් ආර් කේතය ඇතැම් වාහන සඳහා නොලැබීම ඊට හේතුවයි.
මෙම ක්‍රමයේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාහනයේ ලියාපදිංචි සහතිකයේ (පොත) පරිදි වාහනයේ චැසි නම්බරය ඇතුළු වාහනයේ ලියාපදිංචි තොරතුරු අදාළ යොමුව වෙත ගොනු කළත්, මෙම දත්ත යොමුව මගින් ”‍නොගැලපේ”‍ නමින් පණිවිඩයක් ලැබෙන බවත්, ඒ අනුව කිව් ආර් කේතයක් නොලැබෙන බවටත් වාහන හිමියෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment