තෙල් කතාවකට රුසියාවේ දෙදෙනෙක් එති: පිළිගන්න විමල් යයි

168

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම පිළිබඳව සාකච්ඡා කිරීමට රුසියානු තෙල් සමාගම් නියෝජිතයෝ දෙදෙනෙක් ඊයේ (07 දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ‘දිවයින’ට පැමිණියහ.

මොවුහු දෙදෙනා බහරේන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී.එෆ්.- 144 දරන ගුවන් යානයෙන් ඊයේ උදෑසන 9.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

රුසියාවේ මොස්කව් නුවර සහ ශ්‍රී ලංකාවේ කටුනායක අතර ජාත්‍යන්තර ඍජු ගුවන් ගමන් ඇනහිට තිබීම නිසා මෙම නියෝජිතයන් බහරේන් හරහා මෙසේ කටුනායක වෙත පැමිණ තිබුණි. මොවුන් දෙදෙනා පිළිගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment