තෙල් ගත් අය ගෙදරද බලන්නලු

443


රජයෙන් නිකුත් කරණ ලද ඉන්ධන බලපත්‍රයට ඉන්ධන ලබා ගෙන ඇති රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම නිසි ලෙස සිදු කරන්නේද යන්න පිළිබදව ආයතන ප්‍රධානීන් දැඩි අවධානයෙන් සිට එසේ නොකරණ පිරිසට වහාම දඩුවම් ලබා දෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා උතුරේ රාජ්‍ය අංශ ප්‍රධානීන්ට දැණුම් දී තිබේ.
උතුරේ සෞඛ්‍ය සේවාවේ නිරත සියලුම දෙනාට මේ වන විට සති දෙකක කාලයකට ඉන්ධන ලබා දී ඇති අතර එසේ ඉන්ධන ලබාගත් පිරිස් ඉන්ධන වැඩි මිලට විකුණා සේවයට යාමෙන් වැළකී සිටින බවට ලැබී ඇති පැමිණිලි කීපයක් නිසා ආණ්ඩුකාරවරයා මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment