තෙල් ගන්න ගෙව්ව කෝටි 75ට වෙච්චි දෙයක් අහන්නවත් කෙනෙක් නෑ!

643
  • ඉන්ධනහල් හිමියෝ කියති

ඉන්ධන නෞකාවක් එන දිනයක් ගැන මේ මොහොතේ විශ්වාසය තැබිය නොහැකි නිසා ඉන්ධන මිලදී ගැනීමට අත්පිට හෝ මුදල් ආපසු ගෙවීමට හෝ ඉන්ධන වහා ලබාදීමට පියවර ගන්නා ලෙස තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සංස්ථාවෙන් ඉල්ලා සිටී.

මේ වනවිට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්ධනහල් හිමියන් ගෙවා තිබෙන රුපියල් කෝටි හැත්තෑපහකට අධික මුදලට වෙච්ච දෙයක් ඇසීමට රජයේ ඇමැතිවරයකුවත් සොයා ගැනීමට නොහැකි බව ද එම සංගමය කියා සිටී.

මේ වනවිට තෙල් සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධනහල්වලට මාසයක සිට පෙට්‍රල් හා ඩීසල් නොලැබුණ බව පවසන එම සංගමය ඉන්ධනහල්වල සේවකයින්ට වැටුප් හා අනෙකුත් වියදම් ගෙවා දමමින් සිටින බවත් වහා විසඳුමක් ඉල්ලා තෙල් සංස්ථාවට යන බවත් තෙල් බෙදුම්කරුවෝ කියා සිටිති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment