තෙල් ගන්න සල්ලි නැතිව සංස්ථාව අර්බුදයක ණය ගන්න ඉන්දියාව හා බැංකු සමග සාකච්ඡා

163

මෙරටට ඉන්ධන මිලදී ගැනීම සඳහා සෑම මසකම ඩොලර් කෝටි 35 ක මුදලක් අවශ්‍ය වන බැවින් එම මුදල් සොයා ගැනීමට නොහැකිව ලංකා ඛනිජ තෙල් සංස්ථාව බරපතළ මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටී.

මේ සඳහා ඉන්දීය රජයෙන් රුපියල් කෝටි 50 ක ක්‍ෂණික ණයක් ලබා ගැනීම සඳහා සාකච්ඡුා සිදුකර ඇති අතර ඊට අමතරව බැංකු සම`ගද සාකච්ඡුා සිදු කරන බව මේ සම්බන්ධයෙන් ‘‘දිවයින’’ කළ විමසීමේදී ලංකා ඛනිිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මහතා කීය.

ඩොලර් අර්බුදයත් සම`ග බොරතෙල් ගෙන ඒමද තාවකාලිකව නතර කර දැමූ අතර ඒ සම`ගම සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින පනහකට වසා දැමීමට බලශක්ති අමාත්‍යාංශය ඉකුත්දා පියවර ගත්තේය.

ඉන්දීය රජයෙන් ඩොලර් කෝටි 50 ක් (මිලියන 500) ණය මුදල ලබා ගැනීමට හැකි වුවහොත් එම මුදල් යොදවා මාසෙන් මාසෙට රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට සැලසුම් කර ඇත.

ඛනිජ තෙල් සංස්ථා සේවක වැටුප් ගෙවීම් ඇතුළු අනෙකුත් කටයුතු කරගෙන යෑමටත් ලෝක වෙළෙඳ පොළේ මිලට සාපේක්‍ෂාව මෙරට මිල ගණන් ඉහළ නොදැමීම නිසා මාස දෙකකදී සංස්ථාව රුපියල් කෝටි 2000 ක පාඩුවක් ලබා තිබේ. ඉන්ධන අලෙවියෙන් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීම නිසා ඉන්ධන මිලදී ගැනීමට අලූතින් මුදල් සෙවීමට සිදුව ඇත.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment