තෙල් ගැටලුව උග්‍රයි පෞද්ගලික බස් දහසක්වත් අද දුවයි ද සැකයි – ගැමුණු විජේරත්න

114

පෞද්ගලික බස් රථ දහසක්වත් (1000) අද (4දා) දිවයින පුරා ධාවනයට එක්කිරීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ ට පැවසීය.

ඉන්ධන අර්බුදය මීට වඩාත්ම බලපා ඇතැයි හෙතෙම කීය.

පෞද්ගලික බස්රථ ධාවනය මේ වන විට බරපතළ ලෙස කඩාවැටීමට ලක්ව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

දිවයිනේම ඇති පෞද්ගලික බස් රථවලින් ඊයේ (03 වැනිදා) දිනයේ ධාවනය වූයේ දහසක් (1000) බව ද හෙතෙම කීය.

පෞද්ගලික බස් රථ සඳහා ද ලංගම ඩිපෝ මගින් ඉන්ධන නිකුත් කරන බව රජය පැවසුවද, ප්‍රාදේශීය ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස්රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ප්‍රතික්‍ෂේප කිරීම් සහ සීමා කිරීම් කරන බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර ඊයේ පෞද්ගලික බස් රථ ධාවනය විශාල වශයෙන් අඩුවීම හේතුවෙන් මඟී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

ඊයේ ඉරිදා නිවාඩු දිනයක් වුවද කොළඹ නගරයේ හා ඊට ආසන්න නගරවල ද ධාවනය වූ බස්රථවල මගීන් පුරවාගෙන යන අයුරු ද දක්නට ලැබිණි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment