තෙල් ගොඩබෑමට පෙර සමාගම් ඩොලර් ඉල්ලුවා – ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවුවත් කිසිම සමාගමක් ඉදිරිපත් වුණේ නෑ

162

– තෙල් හිඟයට හේතුව සිපෙට්කෝ කියයි

මෙතෙක් කලක් මෙරටට ඉන්ධන සැපයූ සමාගම් තෙල් ගොඩබෑමට පෙර අත්පිට ඩොලර් ඉල්ලීම රට තුළ ඉන්ධන හිඟය උග්‍රවීමට හේතු වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

ඉකුත් කාලයේදී එම සමාගම්වලින් මිලදී ගත් ඉන්ධන සඳහා ගෙවිය යුතු ඩොලර් මිලියන 800 ක් ගෙවීම පැහැරහැරීම නිසා ඇතැම් සමාගම් මෙරටට එරෙහිව ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණය හරහා නෛතික පියවර ගනිමින් සිටින බව ද සංස්ථා උසස් නිලධාරියෙක් අනාවරණය කළේය.

නව සැපයුම් සමාගම් මගින් මෙරටට ඉන්ධන ලබා ගැනීමට ගත් ක්‍රියාමාර්ග යම් යම් හේතු මත අසාර්ථක වූ බවත්, දැනට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය නිසා ඉන්ධන මිලදී ගැනීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවූවත් කිසිම පිළිගත් සමාගමක් ඉදිරිපත් නොවීම නිසා ඉන්ධන මිලදී ගැනීම මෙලෙස අර්බුදයට ගිය බව ද හෙතෙම කියා සිටියේය.

ශිරාන් රණසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment