තෙල් ටැංකි ඉන්දියාවට දීම එල්.එන්.ජී. බලාගාරය ඇමරිකාවට දීම හා සමානයි : පුබුදු ජයගොඩ

101

රටට බලපාන වැදගත් ගිවිසුම් හොර රහසේ අත්සන් කරන තත්ත්වයට රට පත්ව ඇතැයි පෙරටුගාමි සමාජවාදී පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.

මේ ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම මහජනතාවට කැබිනට් මණ්ඩලයට නොදන්වා සිදු කරන බවද ජයගොඩ මහතා ඊයේ (07 දා) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේද කීය.

‘‘ආණ්ඩුව කඩිමුඩියේ ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියානු අයි. ඕ.සී. සමාගමට ලබාදීමට කඩිමුඩියේ ගිවිසුම් අත්සන් කළා. මෙයත් හරියට ඇමරිකානු සමාගමකට එල්.එන්.ජී. ඒකාධිකාරිය ලබාදීමට ගිවිසුම් අත්සන් කළ ආකාරයට සිදුකර තිබෙනවා.

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට අත්සන් කළ ගිවිසුම 2035 දී අවසන් වනවා. ඒ සඳහා තව අවුරුදු 13 යි තියෙන්නේ. දැන් නව ගිවිසුම මගින් තව අවුරුදු 50 කට තෙල් ටැංකිවල අයිතිය ලබා දෙනවා. මීට පෙර ගිවිසුම මගින් යම් මත භේදයක් ඇතිවුවහොත් අපේ රටේ නීතියට අනුව විසඳා ගත යුතු වුවත් නව ගිවිසුමට අනුව සිංගප්පූරුවට ගොස් එය විසඳා ගන්න වෙනවා.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment