අවුරුදු පහකට බලයට පත් වූ ආණ්ඩුවකට මේ රටේ වටිනා සම්පත් හා මහජන දේපළ අවුරුදු ගණනාවකට හෝ සින්නක්කරව වෙනත් රටකට විකිණීමට කිසිදු බලයක් නැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ (28දා) පැවසීය.
ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් ඉන්දියාව සම`ග ගිවිසුම් ගතවන බවට උදය ගම්මන්පිල ඇමැතිවරයා කළ ප්‍රකාශය සත්‍යයක් නම් එය වහාම නතර කළ යුතු බවත් ත්‍රිකුණාමල තෙල් ටැංකි විකුණා දැමීමට ගිවිසුම් අත්සන් කළද කිසිසේත් ඒවා පිටරටට අයිති වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා මෙරට වෘත්තීය සමිතීන් ඉඩ නොතබන බවත් ඒ මහතා කියා සිටියේය.
ඔහු මෙසේද කීවේය.
‘‘මේ රටේ බලශක්තියට, ඛණිජ තෙල් හා වරාය ආශ්‍රිතව සිදුකරන විනාශවලට එරෙහිව සටන් කරන්න අපි මහජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. මේ වෙද්දීත් අපේ රටේ වටිනා ස්ථාන සහ මහජන දේපළ රාශියක් පිටරටවලට විකුණලා ඉවරයි. දැන්වත් මේ අත්තනෝමතික තීරණවලට එරෙහිව අපි සටන් කළ යුතුයි.’’
එලෙසම අගමැතිවරයා ඇතුළු පිරිස තිරුපති යෑමට යොදා ගත් පෞද්ගලික ගුවන්යානයට වියදම් කළේ මහජන මුදල්ද යන ප්රශ්නය බොහෝ දෙනෙකුට ඇති නිසා මේ සඳහා අගමැතිවරයා ඉදිරිපත්ව පැහැදිලි පිළිතුරක් ලබාදිය යුතුයි.
නිරෝෂා වාසල