තෙල් ටැංකි ගිවිසුම ඔන්න මෙන්න තිබියදී චීන විදේශ ඇමැති දිවයිනට

388

ත‍්‍රිකුණාමල තෙල් ටැංකි පිළිබඳව ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමක් ඇතිකර ගැනීමට අවස්ථාව තිබියදී චීන විදේශ ඇමැති මැන්ග්යි මහතා ලබන ජනවාරි 8 වැනිදා මෙරටට පැමිණේ.

ඔහු මෙරටට පැමිණෙන්නේ ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමේ යෝජනා සමග බව ආරංචි මාර්ග පවසයි. චීනයේ ශ‍්‍රී ලංකා තානාපති පාලිත කොහොන මහතා පැවසුවේ චීනයේ විශාල ආයෝජනකරුවන් පිරිසක් මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමට සූදානම් බවයි.

චීන විදේශ ඇමැතිවරයා ජනවාරි 9 දා යළි මෙරටින් යෑමට නියමිතය.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment