තෙල් ණයේ පොලී ගෙවන්න ඩොලර් බිලියනයක ණයක්

291

ඉන්ධන මිලදී ගැනීම සඳහා ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගත් විශාල ණය මුදලක පොලී ගෙවීම සඳහා ජාත්‍යන්තර ණය දෙන ආයතනවලින් ඇමරිකන් ඩොලර් බිලියනයක ණයක් ලබා ගැනීමේ හැකියාව පිළිබඳව රජය සොයා බලාගෙන යයි.

 මෙම මුදල ණය වශයෙන් ලබාගෙන ඇත්තේ ඛනිජ තෙල් සංස්ථාව විසිනි.

 මෙම ණය මුදල ලබා ගැනීම සඳහා යෝජනා පත‍්‍ර නවයක් දැනටමත් ණය දෙන ආයතන කිහිපයක් වෙතින් රජයට ලැබී ඇත. මෙම යෝජනා තුන සලකා බැලීම සඳහා කමිටුවක් ද පිහිටුවා තිබේ. යෝජනා පත‍්‍ර සලකා බැලීම ලබන සතියේදී ඇරඹෙනු ඇත. ඉහත සඳහන් මුදල ලබා ගැනීම සඳහා ජපන් රාජ්‍ය බැංකුව සහ චීන රාජ්‍ය බැංකුව සමග ලක් රජය විසින් මෙයට පෙර සාකාච්ඡුා පවත්වන ලදී. අවුරුද්දට සියයට තුනේ පොලියකට එම ණය ලබාගැනීමට තීරණය වුවද ශ‍්‍රී ලංකාව තුළ පවතින ආර්ථික අර්බුද නිසා එම සාකච්ඡා බිඳ වැටිණි.

 ඛනිජ තෙල් සමගම සතුව පවත්නා සම්පූර්ණ ණය ප‍්‍රමාණය රුපියල් බිලියන හයසිය තිස් පහක් හෙවත් ඇමරිකන් ඩොලර් බිලියන 3.355 කි. මෙයින් ඩොලර් බිලියන 1.075 ක් මහජන බැංකුවට ගෙවිය යුතු අතර ඩොලර් බිලියන 1.006 ක් ලංකා බැංකුවට ගෙවිය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment