තෙල් තොග ගබඩා පර්යන්තයට හොර පාරෙන් 1148 ක් බඳවාගෙන

455

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සඳහා අනුමත කාර්ය මණ්ඩලයට පරිබාහිරව පුද්ගලයන් 1148 දෙනකු බඳවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව තොග ගබඩා පර්යන්ත සමාගම සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සමාගමේ අනුමත සේවක සංඛ්‍යාව 3249කි. 2020 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනි දිනට මෙහි තනතුරු 746ක් පුරප්පාඩු වී තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. කෙසේ වුව ද මේ පිළිබඳ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාරීත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ අනුමත සේවක සංඛ්‍යාවට පරිබාහිරව බඳවාගෙන ඇති සේවක සංඛ්‍යාව සාමාන්‍ය එදිනෙදා බඳවා ගැනීමේ ක්‍රියාවලියක් නිසා ඇති වූවක් නොවන බවත් අනුමත සේවක සංඛ්‍යාවේ තනතුරේ හෝ ශ්‍රේණියේ නොගැළපීම නිසා මෙම විෂමතාවය කාලයක් තිස්සේ නිර්මාණය වී ඇති බවත්ය.

දේශපාලන වින්දිතයන් පිළිබඳ කටයුතු කිරීමේ ක්‍රියාවලියේදී අමාත්‍ය මණ්ඩලය විසින් උසස් කිරීම් හේතුවෙන් මෙම උසස්වීම්වලින් බොහොමයක් සුපිරි සංඛ්‍යාත්මක පදනමකින් සිදුකොට තිබීම, සේවක සංඛ්‍යා සමලෝචනයේදී සේවක තනතුරු සංඛ්‍යාව අඩු කිරීම, වසර 30ක සේවා කාලය මත විශ්‍රාම යන සේවකයන් සඳහා උසස්වීම් ලබාදීම මෙම විෂමතාවන්ට හේතු වී ඇත. මෙම අතිරේක සේවකයන් සඳහා රාජකාරි පැවරීම මගින් ආසන්නතම අනුමත සේවක සංඛ්‍යාව සමග ගැළපීමට කටයුතු කරන බවත් ඒ අනුව නව බඳවාගැනීම් නොකිරීමටත් කටයුතු කර ඇති බව කළමනාකාරීත්වය මගින් විගණනයට ප්‍රකාශ කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment