තෙල් තොග ගබඩා සේවකයන්ට කෝටි 6 ක අවුරුදු අත්තිකාරම්

163

තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ (සී.පී.එස්.ටී.එල්.) සේවකයන් 2100 දෙනකුට රුපියල් හයකෝටි තිස්ලක්‍ෂයක් වැයකර විශේෂ අවුරුදු අත්තිකාරම් මුදල් ගෙවා තිබේ.

ඒ අනුව මුල් අදියර යටතේ එක් සේවකයකුට රුපියල් තිස්දහසක මුදලක් ලබාදී ඇත.

මේ ආකාරයටම තෙල් සංස්ථාවේ (සිපෙට්කො) සේවකයන්ට ද රුපියල් පනස්දහසක අවුරුදු අත්තිකාරම් මුදලක් ලබාදීම සඳහා කටයුතු කරගෙන යන බව එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

තෙල් සංස්ථාව ඉකුත් කාලයේ දී දිගින් දිගටම පාඩු ලැබුවත් සේවකයන්ට ප‍්‍රසාද දීමනා (බෝනස්) ලබාදීමට ද බැංකු වලින් ණය මුදලක් ලබාගැනීමට කටයුතු යොදා ඇත.

තෙල් සංස්ථාවේ සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉහළම නිලධාරීන්ට මෙන්ම සියලූ දෙනාටම මෙම වරප‍්‍රසාද ලැබෙන නිසා ඉහළ කළමනාකාරිත්වය ද බෝනස් (ප‍්‍රසාද දීමනා) ඉල්ලා පාලනාධිකාරිය වෙත දිගින් දිගටම බලපෑම් කරමින් සිටින බවද එම නිලධාරියා කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment