තෙල් තොග සඟවාගෙන  සිටින අය වැටලීම අද සිට

176

වැඩිමිලට අලෙවි කිරීම සඳහා අනවසරයෙන් පෙට්‍රල් හා ඩීසල් තොග ගබඩා කරගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අද (23 වැනිදා) සිට ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ‘දිවයින’ ට පැවැසීය.

ඒ සඳහා ඒ ඒ පොලිස් කොට්ඨාසවල සිටින බුද්ධි නිලධාරීන්ගේ සහාය ලබාගන්නා බවද හෙතෙම කීය.

පෙට්‍රල්, ඩීසල් තොග නිවෙස් තුළ රැස්කරගෙන වැඩිමිලට අලෙවි කරන අය ගැන තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව ළඟම පොලිසිය වෙත දැනුම් දෙන ලෙසද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment