තෙල් දෙන්න බෑ – සමාගම් කර අරී – රටම අවදානමක

627

වසරක් තුළ තෙල් මිල වැඩිවීමේ ප්‍රතිශතය 300% පනී

● සංස්ථාවේ සංචිත එක් දිනකටත් මදි

● සති දෙකක්  රට ලොක්ඩවුන්?

පාන්දර නැග්ගේ මෙහෙමයි

● ඔක්ටේන් 92 – රු.50කින්

● ඔක්ටේන් 95 – රු.100කින්

● ඔටෝ ඩීසල් රු. 60කින්

● සුපර් ඩීසල් රු. 75කින්

වසරක් ඇතුළත හයවන වතාවටත් ඉන්ධන මිල සියයට තුන්සියයකට අධික ප්‍රතිශතයකින් ඉහළ දමමින් ඊයේ (26 දා) අලුයම 2.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙරට පෙට්‍රල් හා ඩීසල් මිල යළි ඉහළ දමනු ලැබීය. මේ අනුව පෙට්‍රල් 92 මිල සියයට 323කින් ද, ඩීසල් මිල සියයට 342කින් ද වැඩි කර ඇත.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 100කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 60කින් ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින් ද ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ. මෙම මිල ඉහළ දැමීමට ප්‍රකාරව මෙරට ඉතිහාසයේ පළමු වතාවට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 470ක් ලෙස ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 550ක් ලෙස ද, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 460ක් ලෙස ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 520ක් ලෙස ද වාර්තාගත මිලකට ඉහළ නැග්ගේය.

හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතා හඳුන්වාදුන් මිල සූත්‍රයම මේ රජය ද ක්‍රියාත්මක කර ඇති අතර ඉන් ඉවත්ව ඇත්තේ ජාතිය ගොඩනැංවීමේ බද්ද පමණකැයි තෙල් සංස්ථා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

ඪ1ල ඪ2ල ඪ3ලඪ4ල ඪ5 මිල සූත්‍රයට අනුව ඪ1 යටතේ ඇති වරායට ඉන්ධන ගෙන එන මිල සැලකිල්ලට ගනු ලැබුවොත් මේ වන විට බොරතෙල් බැරලයක මිල ගිය මැයි 24 වැනිදාට සාපේක්‍ෂව ඩොලර් 135 සිට 120 දක්වා පහළ බැස තිබීමත් ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය 365 සිට 355ට අඩුවීමක් මත හරි නම් ඉන්ධන සූත්‍රයට අනුව මේ මොහොතේ රුපියල් 95කින් තෙල් මිල අඩුවිය යුතු යැයි සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් 2021 ජුනි 11 වැනිදා වන විට රුපියල් 137ට තිබූ පෙට්‍රල් ලීටරය එදින සිට 157 දක්වාත්, ඩීසල් ලීටරය රුපියල් 104 සිට රුපියල් 111 දක්වාත් ඉහළ දැමීය. ඉන් පසුව 2021 වසරේ දෙසැම්බර් 20 වැනිදා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157 සිට 177 දක්වාත්, ඩීසල් ලීටරයක මිල රුපියල් 111 සිට 121 දක්වාත් වැඩි කළේය. ඉන් පසුව 2022 වසරේ මාර්තු 11 වැනිදා රුපියල් 177ට තිබූ පෙට්‍රල් ලීටරය යළි රුපියල් 254 දක්වාත්, ඩීසල් ලීටරය රුපියල් 121 සිට 176 දක්වා ද වැඩි කරනු ලැබීය. 2022 වසරේ අප්‍රේල් 18 වැනිදා යළිත් ඉන්ධන මිල ඉහළ දමමින් රුපියල් 254ට තිබූ පෙට්‍රල් ලීටරයක මිල 338 දක්වාත්, රුපියල් 176ට තිබූ ඩීසල් ලීටරයක මිල රුපියල් 289 දක්වාත් ඉහළ දැමීය. එතැනින් නොනැවතුන රජය රුපියල් 338ට වැඩි කර තිබූ පෙට්‍රල් ලීටරයක මිල යළි රුපියල් 420 දක්වාත්, රුපියල් 289ට තිබූ ඩීසල් ලීටරය රුපියල් 400 දක්වාත් වැඩි කරනු ලැබුවේ එකවර ඒසා විශාල මුදලකින් ඉන්ධන මිල ඉහළ දමමිනි.

ඒ අනුව මැයි 24 වැනිදා දක්වා පස්වතාවක් මිල ඉහළ දැමූ පසු මිල සූත්‍රයක් හඳුන්වාදෙමින් ඊයේ (26 දා) අලුයම වත්මන් මිල දක්වා ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment