තෙල් නැව් දෙකකට ණයවර ලිපි අරී

340

පෙට්‍රල් සහ ඩීසල් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක ණයවර ලිපි විවෘත කර ඇත.

මේ අනුව ජුනි 23 සහ ජුනි 24 යන දෙදින පෙට්‍රල් නැවක් සහ ඩීසල් නැව මෙරටට පැමිණීමට නියමිතය.

මේ ණයවර ලිපි සඳහා ගෙවීම් කිරීමට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක විදේශ විනිමය ප්‍රමාණය මහ බැංකුව විසින් නිදහස් කර තිබේ.

නව ඉන්ධන සැපයුම්කරුවන් හරහා මේ ඉන්ධන ප්‍රමාණය රටට ගෙන්වා ගැනේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment