ඉන්ධන නැවක් මෙරටට පැමිණිමෙන් පසු ගොඩබෑම ආරම්භ කරන අවස්ථාව වනවිට ගබඩාවල දැනට පවතින ඞීසල්, පෙට්‍රල්, ගුවන්යානා ඉන්ධන හා භුමිතෙල් ප්‍රමාණය රටේ අවශ්‍යතාවයෙන් පිළිවෙළින් දින 13, දින 08 හා දින 06 දක්වා අඩුවු අවස්ථා නිරීක්ෂණය වූ බව ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.
දැනට පවතින ගබඩා ධාරිතාවය නොවෙනස්ව පැවතියහොත් පුරෝකථනය කළ ඉන්ධන ඉල්ලූම අනුව 2026 වර්ෂය වනවිට එය පිළිවෙළින් දින 09ක්, දින 06ක් හා දින 05ක් දක්වා අඩුවිය හැකි බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. යම්කිස් හේතුවක් මත තෙල් නැවක් මෙකී දින ගණනට වඩා ප්රමාදවුවහොත් රටේ පවත්නා ඉන්ධන සැපයුම අක්‍රියවීමේ දැඩි අවදානමක් ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
2011 හා 2019 වර්ෂවල පැවති දෛනික ඉන්ධන ඉල්ලූම අනුව සිදුකරන ලැබු පුරෝකථනයන්ට අනුව 2020 – 2026 කාලපරිච්චේදය තුළ ඉන්ධන සදහා ඇති දෛනික ඉල්ලූම අඛණ්ඩව ඉහළයන බවද විගණනය මගින් ප්‍රකාශ කොට ඇත. ඒ අනුව දැනට මෙම ඉල්ලූම සපුරාගැනීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 650ට වැඩි වියදමක් දරමින් බොරතෙල් හා පිරිපහදු නිෂ්පාදන ආනයනය කරන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල