තෙල් නැව් සඳහා මෙතෙක් කිසිම ප්‍රමාද ගාස්තුවක් ගෙවා නෑ – සංස්ථාව කියයි  

185

ආනයනික ඉන්ධන නෞකා සඳහා කිසිදු ප්‍රමාද ගාස්තුවක් දැනට ගෙවා නොමැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.

‘තෙල් නැව් තුනකට ප්‍රමාද ගාස්තු ඩොලර් මිලියන 432 ක්’ මැයෙන් ඊයේ (13 දා) ‘දිවයින’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තිය නිවැරදි කරමින් සංස්ථාව එවා තිබෙන නිවේදනයේ මෙසේද සඳහන් වේ.

මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණ අසත්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙයින් දන්වා සිටිමු.

අප සංස්ථාව විසින් මෙරටට ආනයන කළ ඩීසල් හා බොරතෙල් අඩංගු නෞකා තුනක් (03) කොළඹ වරායට සේන්දුවී ඇති බව සත්‍යයකි. මේ අතරින් ඩීසල් නෞකා සඳහා ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. මෙයින් එක් ඩීසල් නෞකාවකට අර්ධ වශයෙන් ගෙවීම් සිදුකර ඇති අතර අදාළ නෞකාවේ ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇත. එමෙන්ම, තවත් එක් ඩීසල් නෞකාවක් ගොඩබෑමට අවශ්‍ය කටයුතු පිළියෙල කරමින් පවතී.

කෙසේ වෙතත් ඉහත නෞකා සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් ඩොලර් මිලියන 432 ක් ගෙවූ බවට වන කරුණු මුළුමනින්ම පදනම් විරහිත අසත්‍ය පුවතක් බව දන්වා සිටිමු.

මෙසේ ආනයනික ඉන්ධන නෞකා සඳහා කිසිදු ප්‍රමාද

ගාස්තුවක් දැනට ගෙවා නොමැති බව වගකීමෙන් දන්වා සිටින අතර, මෙවැනි අසත්‍ය පුවත් පළකිරීමෙන් සංස්ථාවේ කීර්තිනාමයට හානි සිදුවීම වැළැක්විය හැකි නොවේ.

advertistmentadvertistment
advertistmentadvertistment