තෙල් නිසා දිනපතා කෝටි 15 ක සුරාබදු බදු ආදායම අහිමි වෙයි  

198

ඉන්ධන අර්බුදය නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට දෛනිකව රුපියල් කෝටි 10ත් 15ත් අතර බදු ආදායමක් අහිමි වන බවට ගණන් බලා ඇත.

ප්‍රවාහන පහසුකම් සඳහා බාධා පැමිණීම මීට මූලිකවම හේතු වී ඇති බවත් ඊට විදුලිය කප්පාදුව නියමිත වෙලාවට පෙර ස්කාගාර දෛනික කටයුතු අවසන් කිරීම, සේවකයන්ට රැකියාවට පැමිණීමේ අපහසුතා ඇතිවීම, මිල ඉහළයෑම, පරිභෝජනය අඩුවීම ඇතුළු ගැටලු රැසක් නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුව රජයට වැඩිම ආදායමක් ලබාදෙන්නේ සුරාබදු දෙපාර්තමේන්තුව මගිනි. සුරාබදු දෙපාර්තමේන්තුවේ දෛනික බදු ආදායම රුපියල් කෝටි 50ක් පමණ වේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment