තෙල් නොලැබුණොත් හෙට වනවිට  රටේම පෞද්ගලික බස් නතර වේවි – ගැමුණු විජේරත්න

194

‘‘ආණ්ඩුව බයිලා කියනවා. ලංගමයෙන් ප‍්‍රයිවට් බස්වලට ඞීසල් දෙනවා කිව්වට කෝ. බොරුවනේ. සිකුරාදා වෙනකොට බස්වලට ඉන්ධන ලැබුණේ නැත්නම් මුළු බස් රථ 20,000ම දුවන එක නතර වේවි’’ යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘‘දිවයින’’ ට ඊයේ (02 වැනිදා) පැවැසීය.

පෞද්ගලික බස් රථවලට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාව ලබාදීම රජයේ වගකීම බවද හෙතෙම කියා සිටියේය. මෙහිදී තවදුරටත් කතා කළ ගැමුණු විජේරත්න මහතා මෙසේ ද කීය.

‘‘ප‍්‍රයිවට් බස් ෂෙඞ්වල තාමත් පෝලිමේ ඉන්ධන නැහැ. ආණ්ඩුවෙන් කිව්වේ ලංගමය හරහා ප‍්‍රයිවට් බස්වලට ඉන්ධන දෙනවා කියලය.ි කෝ ඉන්ධන. බොරුවට මාධ්‍යයට කියනවා. නමුත් ප‍්‍රායෝගික නැහැ. සිකුරාදා වෙනකොට ප‍්‍රයිවට් බස්වලට ඉන්ධන ලැබුණේ නැත්නම් රටේ ම ප‍්‍රයිවට් බස් දුවන එක නතර වෙයි.

මගී ජනතාවට වෙන අපහසුව ආණ්ඩුව බලාගනන් ඕන. ඉන්ධන ප‍්‍රශ්නය මේ තරම් බරපතළ වුණේ ආණ්ඩුවේ නිසි කළමනාකරණයක් නැතිකම නිසයි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ අකිත පෙරේරා

 

advertistmentadvertistment
advertistmentadvertistment