තෙල් ප්‍රශ්නයක් නෑ: දුම්රිය ධාවනය යථා පරිදි

16

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත්, මේ දක්වා ඉන්ධන පිළිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (28 වැනිදා) පැවැසීය.

ඒ අනුව දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි අඛණ්ඩවම පවත්වාගෙන යන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ ගාමිණී සෙනෙවිරත්න මහතා මෙසේද කියා සිටියේය.

“මහජනතාව අතර විශාල බියක් ඇතිවෙලා තියෙනවා ඉන්ධන නැතිව දුම්රිය ධාවනය අඩාල වෙයි කියලා. මං ඉතා වගකීමෙන් කියනවා ඛනිජ තෙල් බලධාරීන් අපිට තියෙනකම් ඉන්ධන ලබාදෙන බවට සහතික වුණා. ඒ නිසා දුම්රිය මගී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම බියක් ඇතිකර ගන්න එපා කියලා. දෛනිකව ධාවනය කරන දුම්රිය ඉදිරියේදීත් ඒ අයුරින්ම ධාවනය කරනවා. පිට පළාත්වලට ධාවනය වන දුම්රියත් සාමාන්‍ය පරිදි ධාවනය කරනවා. කිසිදු දැනුම්දීමක් කරලා නැහැ අපිට දුම්රිය ධාවනය කරන්න එපා කියලා. ඉදිරි දින 10-15 ඇතුළත කිසිදු දුම්රියක් අවලංගු වන්නේ නැහැ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, අකිත පෙරේරා සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment