තෙල් පෝලිම්වල වැඩිපුරම ඉන්නේ රාජ්‍ය සේවකයෝ

215

මෙහෙම ගියොත් රාජ්‍ය සේවය ඉවරයි

ඉන්ධන පෝලිම්වල වැඩි වශයෙන්ම රැඳී සිටින්නේ රාජ්‍ය සේවකයින් බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මේ වනවිට රජයේ බොහෝ කාර්යාලවල පැමිණීම සටහන් කිරීමේදී ඇඟිලි සලකුණු තැබීම නොකරන නිසා රාජකාරියට වාර්තා කරන පිරිස රාජකාරි කාලයේදී ඉන්ධන පෝලිම්වලට වී කාලය ගත කිරීමටත් තවත් පිරිසක් ප්‍රමාද වී කාර්යාල වෙත පැමිණ කලින්ම නිවාසවලට යෑමටත් පටන් ගෙන තිබේ. මීට අමතරව වැටුප් සහිත නිවාඩු ලබන පිරිස් ද තෙල් පෝලිම්වලට යොමු වී ඇතැයි ද හෙතෙම කීය. මේ නිසා බොහෝ රාජ්‍ය ආයතනවල කටයුතු නිසි පරිදි සිදු නොවන බවත් දිගින් දිගටම මේ ආකාරයට රාජ්‍ය සේවය පවත්වාගෙන ගියහොත් ලබන වසර වනවිට රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම අර්බුදයකට යා හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. මේ වනවිට රාජකාරියට වාර්තා නොකළ ද මාසික වැටුප නිසි පරිදි ලැබෙන නිසා රාජ්‍ය සේවකයා පෙරටත් වඩා උදාසීන වී ඇතැයි ද එම නිලධාරියා තවදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment