තෙල් පෝලිමේ සිටි මීරිගම අයෙක් මරුට

168

මීරිගම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිට ඉන්ධන ලබාගෙන ආපසු යාමට සූදානම් වූ පුද්ගලයකු අද (21) ඇද වැටී මියගොස් ඇත.

මෙම පුද්ගලයා ත්‍රී රෝද රියකින් පැමිණ පෝලිමේ සිට කෑන් තුනකට ඉන්ධන ලබාගෙන ඇතැයි යි මිරිගම පොලිසිය කියයි.

අනතුරුව එම පුද්ගලයා කෑන් දෙකක් රැගෙන ගොස් තිරෝද රථයෙහි තබා තුන්වෙනි කෑන්එක රැගෙන යමින් සිටියදී ඔහු එක්වරම බිම ඇද වැටීමෙන් පසු ඒ අසල සිටි පොලිස් නිලධාරීන් ඉක්මනින් මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

එහෙත් රෝහලට ඇතුළත් කරන පුද්ගලයා ඒ වන විටත් මිය ගොස් ඇති බව පසුව හෙළි වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment