තෙල් මිල ඉහළ ගිය පසු ඉල්ලුම 30% කින් පහළට රට පුරාම භූමිතෙල් හිඟයක්

309

ඉන්ධන මිල විශාල ලෙස ඉහළ දැමීම නිසා මේ වනවිට පෙට්‍රල් හා ඩීසල් සඳහා තිබූ ඉල්ලුම සියයට තිහකින් පමණ පහළ ගොස් ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් “දිවයින”ට පැවසීය.

මේ වනවිට රට තුළ පැවැති පෙට්‍රල් හා ඩීසල් හිඟය සැලකිය යුතු ලෙස සමනය වී තිබෙන බවත් ඉන්ධන පෝලිම් අවසන්ව ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදු කටයුතු නතර කිරීම නිසා රට තුළ බරපතළ භූමිතෙල් හිඟයක් තිබෙන බවත් දැනට පිටරටින් ගෙන එන ගුවන් යානා තෙල් (්ඩස්එසදබ දසක) භූමිතෙල් ලෙස අලෙවි කරන බවත් ඒ මහතා කීය.

මේ වනවිට රට පුරා තිබෙන ප්‍රාදේශීය ඉන්ධන ගබඩා දොළහ තුළ භූමිතෙල් නොමැති නිසා කොළොන්නාව සිට රට පුරා භූමිතෙල් බෙදාහැරීමට සිදුව තිබේ.

දිනකට ගුවන් යානා සඳහා ඉන්ධන මෙටි්‍රක් ටොන්

800 ක් නිකුත් කළ යුතු බවත් දෛනික භූමිතෙල් අවශ්‍යතාව සඳහා මෙටි්‍රක් ටොන් 600 ක් අවශ්‍ය බවත් හෙතෙම කීය.

මේ වනවිට කොළොන්නාව තෙල් තොග ගබඩා පර්යන්තය සතුව ඇත්තේ ගුවන් යානා තෙල් මෙටි්‍රක් ටොන් 7000 ක පමණ ප්‍රමාණයකි. එනිසා භූමිතෙල් අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වී ඇත.

දැනට ඔක්ටේන් 92, ඔක්ටේන් 95 පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 37,500 ක් ගොඩබාමින් තිබෙන අතර කොළඹ වරායට සේන්දු වී තිබෙන මෙටි්‍රක් ටොන් 37500 ක් අඩංගු ඩීසල් හා සුපර් ඩීසල් නෞකා දෙකකට ඩොලර් නොගෙවීම නිසා දින 11 ක් තිස්සේ රඳවා තිබෙන බව ද හෙතෙම පැවසීය. ඊළඟ නෞකා ඇණවුම් කිරීම පමාවුවහොත් පමණක් යළි ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment