තෙල් මිල තීරණය බැසිල් අතේ

609

* පෙට‍්‍රල් ලීටරයක් රු. 35

* ඞීසල් ලීටරයක් රු. 24

* භූමිතෙල් ලීටරයක් රු. 11


තෙල් මිල වැඩ කළ යුතු බවට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍යාංශයට කර ඇති නිර්දේශයට මුදල් අමාත්‍යාංශයෙන් ඊයේ (20 දා) වනතුරුත් ප‍්‍රතිචාරයක් දක්වා නොතිබිණි.

මේ අනුව ඉන්ධන ඉල්ලූම පාලනය කිරීම සඳහා පෙට‍්‍රල් ලීටරයක් රු. 35 කින්, ඞීසල් ලීටරයක් රු. 24 කින් සහ භූමිතෙල් ලීටරයක් රු. 11 කින් වහාම වැඩි කළ යුතු බවට මහ බැංකුව විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට යෝජනා කර ඇති බව ‘දිවයින’ට වාර්තා වේ. එවැනි යෝජනාවක් කර තිබේ දැයි ‘දිවයින’ කළ විමසුමකට පිළිතුරු දුන් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ඒ බව තහවුරු කළේය. ‘බලමු මොකද වෙන්නේ’ යැයිද ඇමැතිවරයා කීවේය.

ශී‍්‍ර ලංකාව දැනට මුහුණදී ඇති උග‍්‍ර විනිමය අර්බුදය හමුවේ ඛනිජ තෙල් ආනයනයට රටේ තිබෙන සීමිත ඩොලර් ප‍්‍රමාණය වැය කළහොත් රට මුහුණදී සිටින විනිමය අර්බුදය තවත් උග‍්‍රවනු ඇති බවටද මහ බැංකුව විසින් මුදල් ඇමැතිවරයාට දැනුම්දී ඇති බව ‘දිවයින’ට වාර්තා වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment