තෙල් මිල බස්සයි භූමිතෙල් මිල වෙනසක් නෑ

416

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30 දා) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහත දමා තිබේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් පහත දමා ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 333 කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 10 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 365 කි. ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් පහත දමා ඇති අතර නව මිල රුපියල් 310 කි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 135 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 330 කි.

ලංකා භූමිතෙල් මිල සහ ලංකා කාර්මික භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන අතර ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 295 ක්ද කාර්මික භූමිතෙල් ලීටරයක් රුපියල් 330 ක්ද වේ.

එසේම ලංකා අයි ඕ සී සමාගම ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට අනුව ඊයේ (1 දා) සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන්වලට සමානවම ලංකා අයි ඕ සී ඉන්ධන අලෙවි කරනු ඇත.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment