තෙල් මිල වැඩි කළේ තෙල් ගන්න තරම් රජයට ඩොලර් සංචිත නැති නිසා

488

ඉන්ධන මිල වැඩි කළේ ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යෑම නිසා නොව ලෝක වෙළෙඳ පොළෙන් ඉන්ධන මිලදී ගැනීමට තරම් ප‍්‍රමාණවත් ඩොලර් සංචිත රජය සතුව නැති නිසා යැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවැසීය.
 
 ලොව පුරා පවතින කොවිඞ් වසංගතය නිසා ශී‍්‍ර ලංකාවට ඩොලර්වලින් ආදායම් ලැබෙන සියලූ අවස්ථා නතරවී ඇති බැවින් රට තුළ ඩොලර් සංචිත අඩුවී ඇතැයි කී ඇමැතිවරයා තෙල් ගබඩා කර තබා ගැනීමට ටැංකි ඇතත් තෙල් මිලදී ගැනීමට ඩොලර් නැතැයිද කීවේය.
 
 මේ වන විට ඇමරිකානු ඩොලරයද රුපියල් දෙසීයක් දක්වා ඉහළ ගොස් ඇති නිසා තත්ත්වය වඩාත් උග‍්‍රවී ඇතැයිද පැවසූ ඇමැතිවරයා ඒ අනුව අද දවසේ අවශ්‍යතාවට ප‍්‍රමාණවත් ඉන්ධන මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් මතුව ඇතැයිද සඳහන් කළේය.
 
 බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා මේ බැව් පැවසුවේ ඊයේ (15 දා* සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

 එරික් ගාමිණි ජිනපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment