තෙල් මිල වැඩි කිරීමට පක්ෂවූ අය දේශද්‍රෝහින්ලු

199

උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහි විෂ්වාෂභංග යෝජනාවට විපක්ෂව ඡන්දය දී ඉන්ධන මිළ වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටි මැති ඇමැතිවරුන්ගේ ආසන වලට ගොස් විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තෙල් මිල වැඩි කිරීමට පක්ෂ වූ සහ ගම්මන්පිල ඇමැතිවරයා ආරක්ෂා කරන්න කටයුතු කළ මැති ඇමැතිවරුන්ගේ ආසන වලට ගිහින් අපි අහනවා ඔබලා දේශද්‍රෝහී, ජනතා විරෝධී ඒ කුමන්ත්‍රණයට සහාය දුන්නේ ඇයි? ඒ අයට එරෙහිව ආසනයක් පාසා ගිහින් අපි පොදු ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන ජනතා වගකීම අපි ඉෂ්ඨ කරනවා යැයි හෙතෙම කියා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment