‘‘තෙල් වරාය විදුලි සන්ධානය’’ අද රනිල් හමුවෙයි

176

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, වරාය, විදුලිය ඒකාබද්ධ සන්ධානය විසින් අද (08 දා* දහවල් 12.00ට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී හිටපු අගමැති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡුා කිරීමට නියමිතය.

මෙහිදී රනිල් වික‍්‍රමසිංහ මහතා සමග සාකච්ඡුා කර ලිපියක් භාරදීමට කටයුතු කරන බවත් ඊයේ (07 දා* ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී එම පක්‍ෂයේ සාමාජිකයන් හමුවී ජාතික සම්පත් විකිණීමට එරෙහිව ඉදිරියට ගනු ලබන ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ‘‘දිවයින’’ට පැවසීය.

මේ වන විට ජාතික සම්පත් විකිණීමට එරෙහිව මහා නාහිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සම`ග සාකච්ඡුා කළ බවත් ඉදිරි දිනකදී කාදිනල්තුමා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබෙන බවත් ඔහු කීය. අද (08දා* සවස 4.00ට මුස්ලිම් කොංග‍්‍රස නායක රවුෆ් හකීම් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී හමුවී සාකච්ඡුා කිරීමට නියමිත බවද ජයලාල් මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment