තෙල් විදුලි අර්බුදය අපිට දැනෙන හැටි

159

මේක හරිම අපරාධයක් – ඉන්ද්‍රජිත් දොලමුල්ල

 ඇත්තටම සංගීතය වෘත්තිය කරගත්තු අපිට මේ තෙල් මිල වගේම විදුලිය විසන්ධි වීම නිසා කියන්න බැරි විදියට අර්බුදවලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සිංහල අලූත් අවුරුද්ද නිමිත්තෙන් සංදර්ශන වේදිකාවලට මේ වෙද්දි අපි බොහෝ ආරාධනා භාරගෙන ඉවරයි. මේ සඳහා ප‍්‍රවාහන ගාස්තුවල ගැටලූවක් අපිට මතු වෙනවා. මොකද දැන් ඞීසල් පෙට‍්‍රල් මිල ඉහළ ගියා කියලා ඒ අයගෙන් ආයෙ අපිට වැඩි මුදලක් ඉල්ලන්න බැහැ. මේ මාසෙ අපේ බෑන්ඞ් ෂෝ එකක් තියෙනවා. දවල් විදුලිය නැති වෙන බව දැනගෙන. අපි උදේ 8 ට පුහුණුවීම් යොදා ගත්තා. අන්තිමට විදුලිය නැති වුණේ උදේ 8 ට ඔය වගේ දේවල් නිසා ඇත්තටම අපි පත්වෙන අසීරුව නම් කියලා නිම කරන්න බෑ. මේක හරිම අපරාධයක්.


දෛනික කටයුතු කඩාකප්පල් වෙනවා – හෙක්ටර් ඩයස්

ඞීසල් පෙට්‍්‍රල් හි`ගවීම වගේම මිල ඉහළ යෑමත් ඒ අතරෙ වරින්වර විදුලිය කප්පාදු වීමත් අපි හැමෝට ම බලපාන පොදු ප‍්‍රශ්නයක් වෙලා ඉවරයි. මේ දේවල් නිසා අපේ දෛනික කටයුතු බොහොමයක් කඩාකප්පල් වෙන තැනට ඇවිත්. එක අතකින් මේ වෙලාවේ අපි උත්සාහ කරන්නේ ජීවිතේ ආපස්සට ගෙනියන්නෙ නැතුව ඉදිරියටම අරගෙන යන්න. එහෙම වෙන්නනම් මේ ගැටලූ නිරාකරණය විය යුතු තැන්වලින් ඒ දේවල් අපි වෙනුවෙන් ඉටු වෙනව නම් තමයි හොඳ.


 දැන් කරන්න දෙයක් නෑ – නලින් පෙරේරා


 සාමාන්‍යයෙන් අපි වැඩකට යද්දී වාහන තුනක් විතර පාවිච්චි කරනවා. මොකද බඩු භාණ්ඩ ආම්පන්න ගොඩක් ගෙනියන්නත් තියෙනවනෙ. ඉතින් මේ විදියට එකපාරටම තෙල් මිල ඉහළ ගියාම අපේ ප‍්‍රසංගවල ප‍්‍රවාහන කටයුතුවලට ඒක දැඩි ලෙස බලපානවා. මුලින් ගණන් මිනුම් කතා කරගෙන ඉන්න නිසා ඒ අමතර වියදම් ක්ලයන්ට් එක්ක ආයෙ කතා කරන්නත් බෑ. අනික් කාරණාව තමයි ෆන්ක්ෂන් එකක හොඳම හරිය යන වෙලාවට විදුලිය විසන්ධි වීම ඒකත් අපිට ලොකුවට බලපාන බාධකයක්. එහෙමයි කියලා දැන් කරන්න දෙයක් නෑ. මොකද මේ වෙද්දී ඔය ප‍්‍රශ්න ඇවිල්ල අප ඒක භුක්ති විඳිමින් ඉන්නේ. හැබැයි ඉතින් මේව නිරාකරණය කරගන්න ඕනත් අපිම තමයි.


 මතක ඇති කාලෙක සිදු නොවුණ දෙයක් – ශානිකා වනිගසේකර


 ගායිකාවක් විදියට නෙමෙයි රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට මට නම් කියන්න තියෙන්නෙ මගේ ජීවිතේ මතක ඇති කාලෙක නොවෙච්ච දේවල් ටිකක් තමයි මේ සිදුෙවිමන් පවතින්නෙ. තෙල් මිල ඉහළ යෑම වගේම විදුලිය කප්පාදු වීම නිසා අපි විශාල ලෙස අපහසුවට පත් වෙලා හිටියත් අපිට මේ තත්ත්වය වෙනස් කරන්න බැහැ. අපේ බැරි අමාරු නම් කොච්චර ඉදිරිපත් කළත් රට පාලනය කරන උදවිය ඒ දේවල්වලින් අපිට සහනයක් උදා කරන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ පුළුවන් විදියට අපි වෙනස් වෙලා අපේ ගමන යන එක. ඒ ඔවුන්ට දිනුම දීලා නෙමෙයි වෙන කරන්න දෙයක් නැති නිසා.



 අපි ලොකු රස්තියාදුවක – උරේෂා රවිහාරි



 ඇත්තට ම කිව්වොත් කලාකාරයො විදියට මේ තෙල්මිල ඉහළ යෑම වගේම විදුලිය කප්පාදුව අපේ වෘත්තියට සෘජු ලෙස බලපානවා. කොළඹ විතරක් නෙමෙයි අපිට බොහෝ වෙලාවට ඈත පළාත්වල ප‍්‍රසංගවලටත් යන්න සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවට මේ ඞීසල් පෙට්‍්‍රල් මිල ඉහළ යෑම අපේ ගමනට ලොකු බලපෑමක් ඇති කරන්නත් අනිත් හැමෝම වගේ අපිත් කැමතියි අපේ වෘත්තිය නිදහසේ කරගෙන යන්න. ඒත් මේ ප‍්‍රශ්න නිසා අපිට හරියට රස්තියාදු වෙන්න සිදුවෙලා. ඒ ගැන හිතල අදාළ අංශ පිරිස් මේ ප‍්‍රශ්න ඉක්මනින් විසඳන එක තමයි හොඳම දේ.


 ධම්මික හේවාවසම්

advertistmentadvertistment
advertistmentadvertistment