විදුලි හා තෙල් සේවකයන්ගේ වැටුප් වැඩිවන සාමූහික ගිවිසුමෙන් ඉවත්වීමට රජය තීරණයක් ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටී.
විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව, ජාතික ජලාපවහන මණ්ඩලයේ සහ වරායේ සේවකයන්ට වැටුප් වැඩිවන මෙම සාමූහික ගිවිසුම් යටතේ වසර තුනකට වරක් සියයට විසිපහකින් පමණ වැටුප් ඉහළ දැමීම සිදුවිය.
2021 වසරේදී මේ ආකාරයට වැඩුප් වැඩි කළත් 2024 වසරට අදාළව විදුලි හා තෙල් සේවකයන් වැටුප් ඉහළ දමන සාමූහික ගිවිසුමෙන් රජය ඉවත්වීමට තීරණය වී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ආරම්භ කර තිබෙන බවත්, ඊට අදාළ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී තිබේ. ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර සංවර්ධන ඇමරිකානු නියෝජිත ආයතනය, ජයිකා යන ආයතන සමඟ සාකච්ඡා කොට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එම ආයතනවල සහාය ද ලබා ගැනීමට නියමිතය.
විදුලිබල මණ්ඩලයේ මූල්‍ය, මානව සම්පත හා වත්කම් සම්බන්ධ විගණනයක් කර නව නීති සම්පාදනය කරමින් විදුලිබල මණ්ඩලය කඩිනමින් ප්‍රතිව්‍යුහගතකරණයට ලක්කිරීමට සැලසුම් කර ඇත.
ශිරාන් රණසිංහ