තෙල් සංස්ථාව වසර 5 කදී ඩොලර් ලක්ෂ 26 ක් ප්‍රමාද ගාස්තු ගෙවලා විගණනයෙන් හෙළිවෙයි

162

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉකුත් වසර පහේදී ප්‍රමාද ගාස්තු වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂ විසිහයකට අධික මුදලක් (ඩොලර් 2 606,556) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

එමෙන්ම ප්‍රමාද ගාස්තු වශයෙන් තවත් ඇමරිකානු ඩොලර් එක්කෝටි විසිහය ලක්‍ෂ හතළිස් හතර දහස් දෙසීය පනස් හතක (12,644,257ක) මුදලක් ගෙවීමට නියමිතව ඇති බවත් විගණනය මගින් අනාවරණය කර ඇත. නළ මාර්ගයේ අවහිරතා ගබඩාකරණ පද්ධතියේ ආකාර්යක්ෂමතා හේතුවෙන් නෞකාවකින් තෙල් ගොඩබෑමේ දී සිදුවන ප්‍රමාදයන් නිසා මෙකී ප්‍රමාද ගාස්තු මුදල ගෙවීමට සිදුවී ඇත. අවම වශයෙන් මාස දෙකක් සඳහාවත් රටේ ඉන්ධන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීමට පහසුකම් නොතිබීම ද මේ සඳහා හේතුවී ඇති බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සහ තොග ගබඩා පර්යන්ත සමාගම එළඹි ගිවිසුම අනුව නළ මාර්ගයේ හෝ එහි කොටසක් පිළිගත් ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යෑම සහ මාස දෙකකට අවශ්‍ය ඉන්ධන තොග පවත්වාගෙන යෑමට ගබඩා පහසුකම් සැපයීම තොග ගබඩාපර්යන්ත සමාගමේ වගකීමකි. ඛනිජතෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් 2019 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment