තෙල් සංස්ථා සේවකයෝ 3700 ක් දොට්ට!

373

තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ දැනට සිටින තෙල් සේවකයන් 3700 දෙනකුට ආසන්න පිරිසකට රැකියා අහිමිව යන බව තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්) යන ආයතන දෙකේ මේ වන විට සේවකයෝ 4200 දෙනෙක් පමණ සේවය කරති. ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සියයක් හොඳටම ප්‍රමාණවත් යැයි ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් රජයට පවසා තිබේ.

ඒ අනුව අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීම් ක්‍රමයක් (VRS) හඳුන්වා දෙන බව එම නිලධාරියා කීවේය.

විවිධ පාලනයන් යටතේ තෙල් ඇමැතිවරුන් දේශපාලන හිතවතුන් සංස්ථාවට බඳවාගෙන ඔවුනට අතිවිශාල වැටුප් හා අතිකාල, බෝනස් ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබා දෙමින් කටයුතු කළත් ලංකා ඉන්දීය තෙල් සමාගමේ සිටින්නේ සේවකයන් සියයක් පමණ පිරිසකැයි ද හෙතෙම සඳහන් කළේය.

තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පෙර දේපළ, වත්කම් පිළිබඳ විගණනයක් සිදුකරන බවත් ඉදිරි මාස කිහිපය ඇතුළත අදාළ කටයුතු නිම කිරීමට කටයුතු කරගෙන යන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment