තෙල් සහිත ආහාර කුරුලෑ වැඩිවීමට බලපානවාද?

221

බොහෝ තරුණ තරුණියන් අතර පවතින සුලභ ගැටලූවක් වී ඇත්තේ මුහුණේ කුරුලෑ ඇතිවීමය එය මුහුණ අවලස්සන කිරීමකට වඩා කිසියම් රෝගයක් යැයි කියා ඇතැම් දෙනා සිතති. මේ අතර මුහුණේ ඇතිවන ඉදිමුණු ස්වභාවයක් ගන්නා කුරුලෑ නිසා නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් මානසික කැළඹීමටත් මානසික පීඩනයටත් ලක්වේ.

ඇතැම් දෙනා මුහුණේ මතුවන කුරුලෑගෙඩි කැඞීම නිසා ඉන් කැලැල්හටගත්විට එහිදීත් දැඩි මානසික පීඩාවට පත්වේ.

සමෙහි ඇති ස්හේන ග‍්‍රාමීය ග‍්‍රන්ථීන්ගේ ක‍්‍රියාකාරීත්වයේ ඇති වන වෙනස්කම් මත මුහුණේ කුරුලෑ ඇතිවේ. මෙය එක් එක් තරුණ තරුණියන්ගේ හෝමෝන ක‍්‍රියාකාරීත්වය අනුව බලපාන්නකි.

කුරුලෑ වැඩිකරන ආහාර

කුරුලෑ ඇතිවීම වැඩිපුරම දක්නට ලැබෙන්නේ තෙල් සහිත සමත් ඇති විටය. අධික තෙල් සහිත ආහාර

ගැනීම මේ සඳහා බලපාන බව ඇතැම් දෙනා තුළ විශ්වාසයක් පවතී. නමුත් එය පර්යේෂණාත්මකව සනාථ කර නැත. නමුත් කුරුලෑ හට ගැනීම වැඩි කරන ආහාර වර්ග දෙකක් හඳුනාගෙන ඇත. සිරුරේ සීනි මට්ටම ඉහළ නංවන සීනි, පැණි රස ආහාර සහ කිරිවලින් නිෂ්පාදිත කිරි, බටර්, චීස් ආදී ආහාර වැඩිපුර ආහාරයට ගැනීම මගින් කුරුලෑ හට ගැනීම ඉහළ නංවන බව හෙළිවී තිබේ.

කුරුලෑ ඇතිවීම පාලනය

සාමාන්‍යයෙන් කුරුලෑ හටගන්නේ තරුණ වියේදීය. එනිසා මෙයට අනවශ්‍ය බියක් ඇති කර ගැනීම අවශ්‍ය නැත. එනිසා මුහුණේ කුරුලෑ කිහිපයක් මතුව ඇති විට ඒවා අනවශ්‍ය ලෙස මිරිකමින් කඩා දැමීම නොකළ යුතුය. එවිට මුහුණේ කුරුලෑ කැලැල් හටගනී.

දිනපතා මෘදු සබන් වර්ගයකින් මුහුණ සේදී කිරීම ප‍්‍රමාණවත්ය.

මුහුණේ කුරුලෑ වැඩි වශයෙන් මතුව ඇත්නම් නිසි වෛi උපදෙස් ලබාගෙන ඒ සඳහා ඇති ඖෂධ සහ ආලේපන භාවිතය මගින් කුරුලෑ වැඩිපුර හට ගැනීම පාලනය කළ හැකිය.

ඇතැම් දෙනා මේ සඳහා ප‍්‍රතිජීවක ඖෂධ වර්ග ගැනීමට යොමුවේ. එය කළ යුත්තේ නිසි වෛi උපදෙස් මතය. එසේ නොමැතිව අතවශ්‍ය ලෙස ප‍්‍රතිජීවක ගැනීම සිරුරට අහිත කරය.

කුරුලෑ සඳහා ලබාදෙන ඇතැම් ආලේපන ගැල්විය යුත්තේ රාත‍්‍රි කාලයටය. එම ආලේපන හිරු එළියට නිරාවරණය වීම සුදුසු නැත. එනිසා කුරුලෑ සඳහා ආලේප වර්ග ගැල්වීමේදී හිතුමතේට සිදු නොකළ යුතුය.

කුරුලෑ සඳහා වර්තමානයේ ඇති නවීන ප‍්‍රතිකාර මගින් සමමත හටගන්නා කැලැල් නැති කිරීම සහ කුරුලෑවල ඇති ස්වාභාවය වෙනස් කිරීම ද සිදු කළ හැකිය.


චර්මරෝග විශේෂඥ වෛද්‍ය – ජනුකා ගලහිටියාව

advertistmentadvertistment
advertistmentadvertistment