තෙල් සේවකයන්ට වසරකදී කෝටි 400 ක් ඕටී ගෙවලා  

401

ඉකුත් මාස 12ක කාලයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තොග පර්යන්ත ගබඩා සමාගමේ සේවකයින්ට අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 400කට ආසන්න මුදලක් ගෙවා දමා ඇතැයි ගිණුම් අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

දැඩි මුල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන තෙල් සංස්ථා සේවකයින්ගේ අතිකාල සීමා කිරීමට පාලනාධිකාරිය අවස්ථා කිහිපයකදීම උත්සාහ දැරුවත් සියලුම වෘත්තීය සමිතිවලින් එල්ල වුණු බලපෑම මත මේසා විශාල අතිකාල දීමනා මුදලක් ගෙවීමට සිදු වූ බව ද හෙතෙම සඳහන් කළේය. තෙල් සංස්ථා සේවකයින්ට ලබා දෙන වැටුපට අමතරව මෙතරම් මුදලක් අතිකාල ලෙස ගෙවීමට සිදුව ඇත්තේ පැය 48ක සේවා මුර ක‍්‍රමය සහ නිවාඩු දිනවල සේවයට වාර්තා කිරීමට ලබාදී තිබෙන අවස්ථාව නිසා බව ද එම නිලධාරියා සඳහන් කළේය. මෙම ආයතන දෙකේ සේවකයින්ගේ මූලික වැටුප් සඳහා රුපියල් කෝටි 52ක මුදලක් මාසිකව වැය වන බව ද අතිකාල සහ අනිකුත් දීමනා සඳහා මසකට රු.කෝටි 35ක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වැඩිදුරටත් පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment