තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ ගබඩාව ගිනිගනී

150

යාපනය, තෙලිප්පලෙයි රෝහලේ ඖෂධ ගබඩාව තුළ හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එහි තිබූ ඖෂධ විශාල ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබේ.යාපනය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය හා ආරක්ෂක අංශ පැමිණ ගින්න පාලනය කිරීම නිසා රෝහලේ සෙසු ගොඩනැඟිලිවලට ගින්න පැතිර යෑම වැළකී ගොස් තිබේ.ගින්න්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment