තෙලේ බලය බිඳලා

582

IOC තෙල් ප‍්‍රමිතිය බලන්න අපට බලයක් නෑ

සිපෙට්කෝ තෙල් බලන්නේත් සංස්ථාවමයි

ප‍්‍රමිතිය බලන්න ප‍්‍රමිති ආයතනයට බලයක් නෑ

වැඩිදුර මුදල් ගෙවා කෙටිදුරක් අද යන්න වෙලා ඉක්මනට තෙල් පිච්චෙන්නේ සංයුතිය බාල නිසාද – පාරිභෝගිකයො

සාම්පල් අරන් ගියාම ආපසු අපට දුන්නා – සිවිල් සංවිධාන ක‍්‍රියකාරියෙක්


පෙට‍්‍රල් හා ඞීසල්වල සංයුතිය පිළිබඳව මේ වනවිට බරපතළ අවුලක් මතුවී තිබෙන අතර මීට පෙර වාහනවලට ලබාගන්නා ලීටර් ප‍්‍රමාණයෙන් ගමන් කළ හැකි කිලෝමීටර් ප‍්‍රමාණය අඩුවී ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

මෙරටට ගෙන එනු ලබන ඉන්ධන නෞකාවල අඩංගු පෙට‍්‍රල් හා ඞීසල්වල සාම්පල් ලබාගෙන එම සාම්පල් කොළොන්නාව හෝ සපුගස්කන්ද රසායනාගාර දෙකෙන් එකකට යවා පරීක්‍ෂණයට ලක් කළත් එය ස්වාධීන පරීක්‍ෂණයක් නොවන බව පිළිගන්නා බව එම රසායනාගාර නිලධාරීහු කියති.

මේ වනවිට පෙට‍්‍රල්වල පමණක් නොව ඞීසල්වලත් ප‍්‍රමිතිය පිළිබඳ ගැටලූ මතුව ඇතැයි ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයට සංවිධාන පහක නියෝජිතයෝ ඊයේ (28 දා* පැමිණිලි කර සිටියහ.

ඉන්දියන් තෙල් සමාගම මෙරටට ගෙන එන පෙට‍්‍රල් සහ ඞීසල්වල ප‍්‍රමිතිය සහතික කිරීමට ශී‍්‍ර ලංකාවේ කිසිදු ආයතනයකට බලයක් නොමැති අතර තෙල් සංස්ථාව ගෙන එන තෙල්වල ප‍්‍රමිතිය බැලීමට ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයටවත් බලතල හිමිවී නැත.

2012 වසරේදී මෙරටට ගෙනා පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය නොමැතිවීම නිසා එම පෙට‍්‍රල් සාම්පල් සිංගප්පූරුවට යවා පරීක්‍ෂණයට ලක් කළ බව තෙල් වෘත්තීය සමිති නායකයෝ සිහි කරති. ඒ අනුව ඊට වන්දි ගෙවීමට පවා සිදුවිය.

ඉකුත් කාලයේ මෙරටට ගෙනා ගුවන්යානා තෙල් තොගයක් ප‍්‍රමිතියෙන් තොර වීම නිසා භූමිතෙල්වලට විකුණා ඇත. මීට අමතරව මුතුරාජවෙල තිබූ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 60,000 ක් ඉකුත් කාලයේදී ප‍්‍රමිතියෙන් තොර බවට හෙළි වූ පසු යළි කවළම් කර ටික ටික පාරිභෝගිකයන් වෙත මුදාහැර ඇති බවට ද තොරතුරු හෙළි වී ඇත.

එනිසා මෙරටට ගෙන එන පෙට‍්‍රල් හා ඞීසල් වෙළෙඳපොළට මුදාහැරීමට පෙර ස්වාධීන ආයතනයක් හරහා ඒවායේ ප‍්‍රමිතිය සහතික කළ යුතු බවත් එසේ නොවුණහොත් අධික මිල ගණන්වලට වාහනවලට ඉන්ධන ලබාගන්නා අයට බලවත් අසාධාරණයක් සිදුවන බවත් සිවිල් සංවිධාන පෙන්වා දෙයි.

මෙරට භාවිත කරන පෙට‍්‍රල්, ඞීසල් ඉක්මනින් දහනය වන බවට රියැදුරන් චෝදනා කරන බවත් ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂා කරන ලෙස ඉන්ධන සාම්පල් රැුගෙන ප‍්‍රමිති කාර්යාංශයට ඊයේ (28 දා* ගිය බවත් සිවිල් සංවිධාන නියෝජිතකයකු වන අසේල සම්පත් මහතා ‘දිවයින’ට පැවසීය.

එහෙත් ඉන්ධනවල ප‍්‍රමිතිය පරීක්‍ෂා කිරීමට හෝ ඒ සඳහා බලය හෝ ප‍්‍රමිති කාර්යාංශයට නැතැයි එහි නිලධාරීන් පැවසූ බව ද ඒ මහතා කීය. ඉන්ධනවල ප‍්‍රමිතිය පරීක්‍ෂා කරනු ලබන්නේ තෙල් සංස්ථාවෙන් බව ඔවුන් පැවසූ බව ද ඒ මහතා කීය.

ඉන්ධනවල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ පවතින බවට චෝදනා එල්ලවෙද්දී ඒ ගැන සොයා බැලීමට ඉන්ධන සපයන ආයතනයෙන්ම විමසීම හොරාගෙ අම්මගෙන් පේන අහනවා වැනි දෙයක් බව ද එම නිසා වහාම වගකිවයුතු බලධාරීන් මහජනතාවට විශ්වාස කළ හැකි ස්ථානයකින් ඉන්ධනවල ප‍්‍රමිතිය පරීක්‍ෂා කර රටට පැවසිය යුතු බව ද අසේල සම්පත් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ මොහොතේදී රට තුළ මතුව තිබෙන බරපතළ ඉන්ධන හිඟය නිසා විවිධ පාර්ශ්ව විසින් මෙරටට ඞීසල් හා පෙට‍්‍රල් ගෙන එන බැවින් ඕනෑම මොහොතක ප‍්‍රමිතියෙන් තොර ඉන්ධන මෙරටට ගෙන්වා ගැනීමට ඉඩ තිබෙන බව ද ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීහු කියා සිටිති.

92 වර්ගයේ පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය සම්බන්ධ යම් යම් පාර්ශ්ව චෝදනා කළත් එවැනි පැමිණිලි කිසිවක් නිල වශයෙන් තෙල් සංස්ථාවට ලැබී නැතැයි ද සංස්ථාවේ රසායනාගාර නිලධාරීහු පවසති.

මීට පෙර ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනය මගින් ඔක්ටේන් 92 පෙට‍්‍රල්වල ප‍්‍රමිතිය ඔක්ටේන් 91 දක්වා අඩුකිරීමට අදාළ ලේඛනයක් එළිදක්වා තිබිණි. ඉන්දීය වාහන සඳහා දැනට භාවිත කරන්නේ ඔක්ටේන් 91 වර්ගයේ පෙට‍්‍රල් බව පැවසේ.

ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයෙන් මේ පිළිබඳ ‘දිවයින’ විමසූ විට එම ආයතනය ඉන්ධනවල ප‍්‍රමිතිය බැලීමේ අයිතිය තෙල් සංස්ථාවට සීමා වී ඇතැයි කීවත් ඔක්ටේන්වල සංයුතිය 92 සිට 91 දක්වා පහත හෙළීම ගැටලූවක් බව සංස්ථාවේ ඇතැම් නිලධාරීහු කියති.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment