තෙවැනි තරගය විසඳුමක් නැහැ: තරගාවලියේ වීරයා ඩේවිඩ් වෝනර්

101

දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පැවති තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ටේ්‍රලියානුවෝ සමත් වූහ. ඒ ඊයේ අවසන් වූ අවසාන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමග ය.

ඉනිමක පරාජයෙන් බේරීමේ සටනක නිරත වූ දකුණු අප්‍රිකාව තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 106ක් රැස් කර ගෙන තිබුණි.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් නොදැවී ලකුණු 195ක් ලබාගත් උස්මාන් කවාජා තරගයේ වීරයා ලෙස ද දෙවැනි තරගයේ දී ද්විත්ව ශතකයක් ලැබූ ඩේවිඩ් වෝනර් තරගාවලි වීරයන් ලෙස ලෙසද නම් කෙරිණි.

ලකුණු සාරාංශය

ඔස්ටේ්‍රලියාව පළමු ඉනිම 475/4

දකුණු අප්‍රිකාව පළමු ඉනිම 255

දකුණු අප්‍රිකාව දෙවැනි ඉනිම 106/2

advertistmentadvertistment
advertistmentadvertistment