තෙහැවිරිදි දැරිය රත්කළ පිගානකින් පුළුස්සා පළා ගිය මව අත්අඩංගුවට

265

කිළිනොච්චිය අක්කරායන් ගණේෂපුරම් ප‍්‍රදේශයේදී සිය තුන් අවුරුදු දැරිය රත් කළ පි`ගානකින් පුලූ‍ස්සා තුවාල සිදු කොට සැ`ග වී සිටි මවක් 9 දා අක්කරායන්කුලම් පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකටයුතු කාන්තාව විසින් මෙම දැරියට එම අපරාධය සිදු කොට ඇත්තේ 2021-08-08 වෙනිදාය.

මේ සිද්ධියෙන් පසුව ඇය පළා ගොස් සිටි අතර දැරියගේ ඥාතීන් ඇයව රෝහල් ගත කොට මේ වන විට සුවදායක තත්ත්වයකට පත් කරවා ගෙන තිබේ.

පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාළ කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති අක්කරායන්කුලම් පොලීසිය ඇයව කිලිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

දිනසේන රතුගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment