තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව තෙවැනි තැනට

274


ලොව පුරා විශාලතම තේ අපනයනකරු බවට කෙන්යාව පත්ව ඇත.චීනය දෙවැනි තැනට සහ ශ්‍රී ලංකාව තෙවැනි තැනට පත්ව තිබේ. ජාත්‍යන්තර තේ කමිටුවේ දත්ත පෙන්වා දෙන්නේ 2021 දී කිලෝ ග්‍රෑම් මිලියන 558ක් කෙන්යාව තේ අපනයනය කර ඇති බවය. චීනය තේ කිලෝග්‍රෑම් මිලියන 369 ක් සහ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 282 ක් අපනයනය කර ඇත. නිෂ්පාදනය සම්බන්ධයෙන් ගත් කල එම වසරේ චීනය තේ ටොන් මිලියන 3 ක් නිෂ්පාදනය කර ලොව පළමු තැනට පත්ව තිබේ.එය ගෝලීය තේ නිෂ්පාදනය වන ටොන් මිලියන 6.45 න් අඩක් පමණ විය. ඉන්දියාව ටොන් මිලියන 1.3 ක් නිපදවා දෙවැනි තැනට පත්ව තිබේ. කෙන්යාව තුන්වන ස්ථානයට පත්ව ඇත.කෙසේ වෙතත් කෙන්යාව හොඳම තේ නිෂ්පාදනය කරන රටවල් ලැයිස්තුවේ පස්වන ස්ථානයට පත්විය.

advertistmentadvertistment
advertistmentadvertistment