තේ පැන් සංග‍්‍රහයට කුමාර වෙල්ගම – ඉරාන් යති

502

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී ඊයේ (18 දා) සිය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැත්වූ තේ පැන් සංග‍්‍රහය සඳහා විපක්ෂයේ පක්ෂ සහභාගී නොවුණද විපක්ෂ මන්තී‍්‍ර කුමාර වෙල්ගම මහතා සහ ඉරාන් වික‍්‍රමරත්ත මහතා ඊට සහභාගී වී සිටියහ.

සමගි ජන බලවේගය, ජාතික ජනබලවේගය, දෙමළ ජාතික සන්ධානය වැනි විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ එම තේ පැන් සංග‍්‍රහයට සහභාගී වී නොසිටිය ද වෙල්ගම මන්තී‍්‍රවරයා සහ ඉරාන් මන්තී‍්‍රවරයා ඊට සහභාගී වී සිටින අයුරු දක්නට ලැබිණ.

වෙල්ගම මන්තී‍්‍රවරයා තේ පැන් සංග‍්‍රහයට පැමිණ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශී‍්‍රලනිප මැති ඇමැතිවරුන් සමග සුහද ලෙස කතා බහ කරමින් තේ පැන් සංග‍්‍රහය බුක්ති විඳින අයුරු දක්නට ලැබුණ ද ඔහු ජනාධිපතිවරයා සමග කතා කිරීමට ගියේ නැත.

ඉරාන් වික‍්‍රමරත්න මහතා විදෙස් තානාපතිවරුන් හමුවීමේ අරමුණින් එහි ගොස් ඇති බව සජබ ප‍්‍රකාශකයෙක් පැවසීය.

කෙසේ වෙතත් එම මන්තී‍්‍රවරුන් නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරුන් ඊයේ පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී පැවැති කණ්ඩායම් රැුස්වීමේ දී තීරණය කර ඇත්තේ මෙම තේ පැන් සංග‍්‍රහයට සහභාගී නොවීමටය.

එහෙත් වෙල්ගම මන්තී‍්‍රවරයා එම මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමට සහභාගී වී නැතැයි සජබ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙක් ‘දිවයින’ට පැවසීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment