තේ වගාවටත් යූරියා

224

තේ වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 15,000ක් ලබා දීමට තීරණය කරන ලද බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.නව රජයේ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අමාත්‍යවරයා අද පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ගොස් යුරියා පොහොර බෙදා දීම හා ඊට අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවයන් පිළිබඳව සාකච්ඡා කරමින් රාජකාරී කටයුතු නැවතත් ඇරඹීය. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වූහ. ‍විශේෂයෙන්ම ඉන්දීය රජය විසින් ණය යෝජනා ක්‍රමයක් යටතේ ලබා දෙන ලද යුරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් මෙට්‍රික් ටොන් 15,000ක් තේ වගාව සඳහා ලබා දීමට වැවිළි කර්මාන්ත අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි රජය තීරණය කළ බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment