තේ වගාවට පොහොර සහනයක්

240

තේ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වැවිලි ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඉදිරි මාස දෙක තුන ඇතුළත මෙම රසායනික පොහොර සහනාධාරය ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්, තේ වගාවේ උන්නතිය වෙනුවෙන් රජය ඉදිරි කාලයේදී විශේෂ වැඩසටහන් කිහිපයක් ක‍්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය.

මේ වන විට රසායනික පොහොර ලැබෙමින් පවතින නමුත් රසායනික පොහොර මිල ජනතාවට දරාගැනීමට නොහැකි බැවින් ඔවුන්ට ක‍්‍රමානුකූලව සහනයක් ලබාදෙන බවත් සඳහන් කළේය.

එමෙන්ම තේ වැවීමට කැමති ඕනෑම අයෙකුට තේ වගාකිරීමට අවශ්‍ය පහසුකම් සලසන බවත්, ඔවුන්ට තේ පැළ සහ කොම්පෝස්ට් පොහොර නොමිලේ ලබාදෙන බවත් ඔහු පැවසීය.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment