ත්‍රෛලෝක විජයපත්‍ර අතේ පත්තුවේ

324


බිබිල පොලීසියට ලද තොරතුරක් මත රතුපස්කැටියේ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාකිරීමේදී ගංජා සුරුට්ටු පානයකිරීමට සූදානම්ව සිටි පාසල් ශිෂ්‍යයින් දසදෙනෙකු ඇතුළු දොළොස් දෙනෙකු බිබිල පොලීසිය මඟින් ඊයේ (08) වෙනිදා අත්අඩංගුවටගෙන ඇත.

බිබිල නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයින් දසදෙනා ඔවුන්ගේ මිතුරන් දෙදෙනකු සමඟ අවමංගල්‍ය උත්සවයකට යන බවට පවසමින් නිවෙස්වලින් පිටව ගොස් රතුපස්කැටියේ ප්‍රදේශයේ යහළුවකුගේ නිවසකට ගොස් ගංජා සුරුට්ටු පානය කිරීමට සූදානම්ව සිටියදී පොලීසිය මඟින් ගංජා ග්‍රෑම් 257 සමඟ සැකකරුවන් අත්අඩංගුවට තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment