තොඩුවාව වෙරළට බත්තලක් ගොඩ ගසලා

461

තොඩුවාව කුඩාමඩුවැල්ල වෙරළ තීරයට බත්තලක් ගොඩ ගසා ඇති බව මාරවිල පොලිසිය පවසයි. මෙම බත්තල විදෙස් රටකට අයත් එකක් විය හැකි බව සැක පහළ කරයි.

මෙම යාත‍්‍රාවේ ඉංග‍්‍රීසි හා චීන භාෂාවලින් කර තිබූ දැන්වීම් කීපයක් දැක ගන්නට තිබූ අතර ඉතා අලූ‍ත් තත්වයේ මුඛ ආවරණ කීපයක්ද දැක ගන්නට ලැබිණි. ඒ අනුව මේ යාත‍්‍රාව යම්කිසි අනතුරකට ලක්වන්නට ඇත්තේ මීට දිනකට හෝ දින දෙකකට පෙර විය හැකිය. බත්තලේ පාදමට දමා තිබූ රෙජිෆෝම් කුට්ටි කැඞී යාම නිසා එම වෙරළ තීරයේ විශාල පරිසර හානියක් සිදු වෙමින් පවතී. මෙම බත්තල මුහුදේ ප‍්‍රවාහන කටයුතු කිරීම ස`දහා යොදා ගත් එකක් විය හැකි බව ජාතික ධීවර සහයෝගිතාවයේ පුත්තලම දිස්ත‍්‍රික් සම්බන්ධීකාරක ලොයෙල් පීරිස් මහතා ප‍්‍රකාශ කලේය. මේ පිළිබ`ද ප‍්‍රදේශවාසීන් මාරවිල පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මාරවිල පොලිසිය විමර්ශන කටයුතු සිදුකරයි.

අමරනන්ද විජේසේකර මහවැව, නාත්තන්ඩිය රෙක්ස් හැරිසන්

advertistmentadvertistment
advertistmentadvertistment