තොණ්ඩමන් කුකුළා පෙන්වයි

81

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ලංකා කම්කරු කොන්ග්‍රසයේ අපේක්ෂකයන් තරග කරන සෑම පළාත් පාලන ආයතනයකටම එම පක්ෂයේ ලකුණ වන කුකුළා ලාංජනයෙන් තරග කරන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසීය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් සහ පළාත් පාලන ආයතනවලට තරග කරන අපේක්ෂකයන් අතර කොළඹ දී පැවැති විශේෂ සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණි බව කනපති කනගරාජ් මහතා කීවේය.

කුකුළා ලාංජනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවූ බවත්, පළාත් පාලන මැතිවරණයේදී කුකුළා ලාංඡනයෙන් තරග කර තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත්, කනපති කනගරාජ් මහතා කියා සිටින්නේ.

රටේ පවතින ආර්ථික අර්බුදයත් සමග ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වී මැතිවරණයට ඉදිරිපත් වීමෙන් තම පක්ෂයට අවාසියක් සිදු වන බව ද කනපති කනගරාජ් මහතා කියා සිටියේය.

පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කරන අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීමට, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා කමිටු පත් කළ බව ද කනපති කනගරාජ් මහතා පැවසීය

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment