තොරතුරු රැස්කළ බුද්ධි නිලධාරින්ට පහර කෑමටත් වූණා – හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි නිලන්ත ජයවර්ධන සාක්‍ෂි දෙමින් කියයි

411

රාජ්‍ය බුද්ධි අංශය ස්ථාපිත කර තිබුණත් බුද්ධි තොරතුරු  රැස්කිරීම සම්බන්ධයෙන් නිසි නීතිමය රාමුවක් නොමැතිවීම නිසා භූමියේ සිට බුද්ධි තොරතුරු රැුස්කරන තම නිලධාරීන්ට විවිධ පුද්ගලයන්ගෙන් පහරකෑමට පවා සිදුවූ අවස්ථා ඇතැයි හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (24දා) කොළඹ විශේෂ ති‍්‍රපුද්ගල මහාධිකරණය හමුවේදී සාක්‍ෂි දෙමින් ප‍්‍රකාශ කළේය.

පාස්කු ප‍්‍රහාර මාලාව එල්ල කළ සහරාන් හෂීම් ප‍්‍රමුඛ ස්වයං ඝාතකයන් ඇතුළු ආගමික අන්තවාදීන් 94 දෙනකු පිළිබඳව 2017.10.31 වැනිදා පොලිස්පතිවරයා වෙත අති රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් විමර්ශන ප‍්‍රගතිය වාර්තා කරන ලෙසට ඉල්ලා සිටියත් ඒ සම්බන්ධයෙන් තමන් හෝ තම බුද්ධි අංශයේ නිලධාරීන් කිසිවකු හෝ කැඳවා විමර්ශන සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමක් නොකළ බව ද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැදිගේ හා මොහොමඞ් ඉර්සඞීන් යන විනිසුරු මඬුල්ල හමුවේදී දෙවන දිනටත් සාක්‍ෂි දෙමින් සාක්‍ෂිකරු ප‍්‍රකාශ කළේය.

ප‍්‍රහාරයක් ගැන විදෙස් ජාතිකයකුගෙන්  2019.04.04 දා බුද්ධි තොරතුරක් ලැබුණා.

ශ‍්‍රී ලංකාවේ පිහිටි ඉන්දියානු තානාපති කාර්යාලයට හා සුවිශේෂී ආගමික ස්ථාන කිහිපයකට නුදුරේදීම ත‍්‍රස්ත ප‍්‍රහාර එල්ල විය හැකි බවට විදේශ රටක සිටින බුද්ධි තොරතුරු ලබාදෙන විදේශ ජාතිකයකුගෙන් 2019.04.04 වැනිදා පෙරවරු 10.30 ට පමණ වට්ස්ඇප් මගින් තොරතුරක් ලැබුණා. මම ඒ පිළිබඳව ජාතික බුද්ධි අංශ ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට උපදෙස් පතා යොමු කළා. ඊට පසු මම වහාම මගේ නිලධාරීන් පිරිසක්

නැගෙනහිර ප‍්‍රදේශයට යැව්වා. ඒ පිළිබඳ සොයා බැලීමට. මට තොරතුරු ලබාදුන් පුද්ගලයා හා වෙනත් අයකු ද මට එම තොරතුර ලිඛිතව ලබාදුන්නා. පසුව ආරක්‍ෂක ලේකම්වරයාව හා පොලිස්පතිවරයාවත් ඒ පිළිබඳ දැනුවත් කළා. මේ අතරතුර තමයි අපේ‍්‍රල් 7 වැනිදා ඉන්දියාවේ ආරක්‍ෂක ලේකම්වරයා ලංකාවට ආවේ. ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් මට වාර්තාවක් ලැබුණා. සහරාන් හෂීම් එක්තරා ප‍්‍රබල දේශපාලනඥයකුගේ මල්ලි කෙනෙකු මාර්ගයෙන් ඉන්දියාවට පළාගොස් ඇති බවට හා කොළඹ හා තවත් ස්ථානයක ඔහු සැඟවී සිටින බවට. මම ජාතික බුද්ධි ප‍්‍රධානියාට දුරකථන ඇමතුමක් ලබාදී කීවා වැඩි විස්තර තියෙනවාද කියලා. ඒ පිළිබඳව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කරන බව එතුමා කීවා.

ආරක්‍ෂක කමිටු රැස්වීමේදී  බුද්ධි තොරතුරු සාකච්ඡා කළේ නෑ.

ඉන් දින කිහිපයකට පසුව එනම් අපේ‍්‍රල් 9 වැනිදා ආරක්‍ෂක ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරක්‍ෂක සම්බන්ධිකරණ කමිටු රැුස්වීම තිබුණා. එතනදී එකී බුද්ධි තොරතුර සාකච්ඡුාවට බදුන් කළේ නෑ.

මම ජාතික බුද්ධි ප‍්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාට එතනදී කීවා සර් ඒ තොරතුර අතේ තියාගෙන ඉන්න එපා ලෙඩක් වැටෙයි කියලා. එවිට එතුමා මගෙන් ඇහැව්වා ඒ ගැන මම ගත්තු ඇක්ෂන් මොකක්ද කියලා.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා

රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානියා ලෙස ඔබේ වගකීමක් නේද එකී තොරතුරේ බරපතළකම ගැන සලකා හෝ එතනදී ඒ ගැන සාකච්ඡුාවට බදුන් කිරීමට?

සාක්‍ෂිකරු

ඔව්. ඒ කරුණු එතනදී සාකච්ඡුාවට බදුන් කළ යුතුව තිබුණා. මම දැනගෙන හිටියේ නෑ ආරක්‍ෂක ලේකම්වරයා හා ජාතික බුද්ධි ප‍්‍රධානියා ඒ ගැන සාකච්ඡුා කළාද නැත්ද කියලා.

විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා

ඒ ගැන න්‍යායපත‍්‍රයට ඇතුළත් වෙලා තිබුණත් නැතත් ඔබට වගකීමක් තිබුණා නේද ඒ ගැන නිල වශයෙන් සාකච්ඡුාවට බදුන් කිරීමට.

සාක්‍ෂිකරු

මම ජාතික බුද්ධි අංශ ප‍්‍රධානියාට ඒ ගැන මතක් කළා. මට මැදින් පැනලා ඒ ගැන කියන්න බෑ. ඒක නිශ්චිත බුද්ධි තොරතුරක් බවට පරිවර්ථනය වී නොතිබූ නිසා එවැනි ස්ථානයකදී ඒක සාකච්ඡුාවට ගන්න කියලා කියන්න මට හැකියාව නෑ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා

ආරක්‍ෂක ලේකම්වරයාට හෝ ජාතික බුද්ධි ප‍්‍රධානියාට පුළුවන්ද බුද්ධි තොරතුරු නොවන එවැනි කරුණක් එවැනි ආරක්‍ෂක සම්බන්ධිකරණ කමිටුවකදී සාකච්ඡුා කරන්න.

සාක්‍ෂිකරු

ඊට පෙර එවැනි තොරතුරක් ලැබී තිබෙනවා නම් ඒ ගැන සාකච්ඡුා කරන්න පුළුවන්.

සාක්‍ෂිකරු විසින් සහරාන් හෂීම් ප‍්‍රමුඛ ආගමික අන්තවාදීන් හා ඔවුන්ගේ කි‍්‍රයා සම්බන්ධයෙන් දැනුවත් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂකවරයා වෙත යොමු කර තිබූ බුද්ධි තොරතුරු වාර්තා කිහිපයක පිටපත් ඉදිරිපත් කර ඒවායේ අන්තර්ගතය පිළිබඳ අදහස් විමසීම ද එහිදී සිදු කෙරිණි.

එකී ලේඛන අතරින් කිහිපයක පිටපත් විත්තියට ලබානොදීම සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා එහිදී විරෝධතාවයක් ඉදිරිපත් කළ අතර විත්තියට හා විනිසුරු ම`ඩුල්ලට එකී ලේඛනවල පිටපත් ලබාදී පැමිණිල්ලේ සාක්‍ෂි ලේඛන ලෙස නම් කිරීමෙන් අනතුරුව හඳුනාගැනීම සඳහා සාක්‍ෂිකරු වෙත ඉදිරිපත් කර සාක්‍ෂි මෙහෙයවන ලෙසට විනිසුරු ම`ඩුල්ල එහිදී පැමිණිල්ලට අවවාද කළහ.

වැඩිදුර සාක්‍ෂි විභාගය අද (25දා* පෙරවරු 9.00 දක්වා කල් තැබිණි. විත්තිකාර පූජිත් ජයසුන්දර මහතා මෙන්ම විත්තිකාර හේමසිරි ප‍්‍රනාන්දු මහතා ද ඊයේ (24දා* අධිකරණය හමුවේ පෙනී සිටියහ.

නීතිඥ පි‍්‍රයංක ගුණරත්න, දුලාන් මිරිහාන, ජයන්ත තිලකරත්න හා නීතිඥ නිර්මාල් කොඩිතුවක්කු මහත්වරු සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ රොෂාන් දෙහිවල මහතා පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ප‍්‍රබුද්ධ හෙට්ටිආරච්චි මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා හේමසිරි ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න, රජයේ අධිනීතිඥ සහන්‍යා නාරම්පනාව, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා යන මහත්ම මහත්මීහූ සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය විය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment